Skip to content

දෙවියන් ත්‍රිත්වයක්ද?

දෙවියන් ත්‍රිත්වයක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ගොඩක් ක්‍රිස්තියානි ආගම්වල උගන්වන්නේ දෙවියන් ත්‍රිත්වයක කොටසක් කියලා. ඒත් ඒ ගැන විශ්වකෝෂයක මෙහෙම කියනවා. “බයිබලයේ කිසිම තැනක ත්‍රිත්වය යන වචනයවත් ඒ ඉගැන්වීම ගැනවත් සඳහන් වෙලා නැහැ. ඒ ඉගැන්වීම පටන්ගත්තේ සියවස් ගණනාවක් පුරා ඇති වුණ වාද විවාදවලින් පස්සෙයි.”—Encyclopædia Britannica.

 දෙවියන් ත්‍රිත්වයක කොටසක් කියලා බයිබලයේ කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ කියන්නේ මෙහෙමයි.

 “අපගේ දෙවි යෙහෝවා දෙවියි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.”—ද්විතීය කතාව 6:4.

 ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවියි.’—ගීතාවලිය 83:18.

 “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.

 “පොරොන්දුව දුන්නේ එක් කෙනෙක්ය. ඒ දෙවිය.”—ගලාති 3:20.

 ගොඩක් ක්‍රිස්තියානි ආගම්වල දෙවියන් ත්‍රිත්වයක් කියලා කියන්නේ ඇයි?