Skip to content

පවුල් ජීවිතය සතුටින් ගත කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවද?

පවුල් ජීවිතය සතුටින් ගත කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. ලොව වටා ඉන්න බොහෝදෙනෙකුට තම පවුල් ජීවිත සාර්ථකව ගත කරන්න බයිබලේ සඳහන් මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මේ ඒවායින් කීපයක්.

  1.   විවාහය ලියාපදිංචි කරන්න. විවාහය නීත්‍යනුකූලව සිදු කරද්දී හැමදාටම එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න දිවුරුමක් දෙන නිසා විවාහ ජීවිතය සතුටින් ගත කරන්න ඒක දායක වෙනවා.—මතෙව් 19:4-6.

  2.   එකිනෙකාට ආදරෙන් හා ගෞරවයෙන් සලකන්න. ඔයාගේ සහකරු හෝ සහකාරිය ඔයාට සලකනවට කැමති විදිහට තමයි ඔයාත් එයාට සලකන්න ඕන.—මතෙව් 7:12; එෆීස 5:25, 33.

  3.   සැරපරුෂ විදිහට කතා කරන්න එපා. ඔයාගේ සහකරු හෝ සහකාරිය කරන කියන දෙයක් නිසා ඔයාගේ හිත රිදුණත් එයාට දිගටම ආදරෙන් කතා කරන්න. (එෆීස 4:31, 32) බයිබලේ මෙහෙම කියනවා. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.”—හිතෝපදේශ 15:1.

  4.   එකිනෙකාට විශ්වාසවන්ත වෙන්න. ආලවන්ත හැඟීම් ඔයාගේ සහකරුට හෝ සහකාරියට විතරක් පෙන්නන්න. ලිංගික ආසාවන් තෘප්තිමත් කරගන්න ඕනේ විවාහ වෙලා ඉන්න කෙනා එක්ක විතරයි. (මතෙව් 5:28) බයිබලේ කියන්නේ “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි” කියලයි.—හෙබ්‍රෙව් 13:4.

  5.   දරුවන්ව ආදරෙන් පුරුදු පුහුණු කරන්න. දරුවන්ව පුහුණු කරද්දී ඕනෑවට වඩා බුරුලක් දෙන්න එපා. ඒ වගේම ඕනෑවට වඩා තදින්, සැරපරුෂ විදිහට ක්‍රියා කරන්නත් එපා.—හිතෝපදේශ 29:15; කොලොස්සි 3:21.