Skip to content

යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දෙවියන් දෙන්න කැමති ඕනම දෙයක් ගැන ඔයාට යාච්ඤා කරන්න පුළුවන්. ‘දෙවියන්ගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවියන් ඒ සෑම දෙයකටම සවන් දෙනවා’ කියලා බයිබලයේ කියනවා. (1 යොහන් 5:14) අපේ හිතේ තියෙන ප්‍රශ්න, හිතට වද දෙන දේවල් ගැනත් දෙවියන්ට යාච්ඤා කරන්න පුළුවන්. “ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න” කියලා බයිබලයේ කියලා තියෙන්නේ ඒ නිසයි.—ගීතාවලිය 62:8.

මේ දේවල් ගැන යාච්ඤා කළොත් දෙවියන් අනිවාර්යයෙන්ම සවන් දෙනවා

  •   දෙවි ගැන තියෙන විශ්වාසය තව වැඩි කරන්න කියලා යාච්ඤා කරන්න පුළුවන්.—ලූක් 17:5.

  •   හරි දේ කරන්න දෙවියන්ගේ බලය දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්.—ලූක් 11:13.

  •   ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නත් වැරදි දේවලින් වළකින්නත් ශක්තිය ඉල්ලලා යාච්ඤා කරන්න පුළුවන්.—ෆිලිප්පි 4:13.

  •   හිතට සැනසීමක් දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න පුළුවන්.—ෆිලිප්පි 4:6, 7.

  •   හොඳට හිතලා බලලා තීරණ ගන්න ඥානය ඉල්ලන්න පුළුවන්.—යාකොබ් 1:5.

  •   එදිනෙදා ඕනෑ එපාකම් ගැනත් දෙවියන්ට යාච්ඤා කරන්න පුළුවන්.—මතෙව් 6:11.

  •   කරපු වැරදිවලට සමාව ඉල්ලන්නත් පුළුවන්.—මතෙව් 6:12.