Skip to content

භාවිත කිරීමේ නීති

භාවිත කිරීමේ නීති

සාදරයෙන් පිළිගන්නවා!

මේ වෙබ් අඩවිය සකස් කරලා තියෙන්නේ දෙවියන් ගැන, බයිබලේ ගැන සහ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තවත් විස්තර දැනගන්න ඔබට උදව් කරන්නයි. ඔබ කැමති තොරතුරු මේ වෙබ් අඩවියෙන් කියවන්න, බලන්න එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න ඔබට පුළුවන්. මේ වෙබ් අඩවියේ තියෙන තොරතුරුවලින් හැම කෙනෙක්ම ප්‍රයෝජන ලබනවාට අපි කැමතියි. ඒ වුණත් ඒකේ තියෙන තොරතුරු වෙනත් වෙබ් අඩවියක හෝ ඇප් එකක පළ කරන්න එපා. මේ වෙබ් අඩවියේ තියෙන තොරතුරු වෙනත් අය එක්ක බෙදාගන්න කැමති නම් පහත සඳහන් භාවිත කිරීමේ නීතිවලට අනුව මේ වෙබ් අඩවියට ඒ අයව යොමු කරන්න ඔබට පුළුවන්.

 ප්‍රකාශන හිමිකම

© 2024 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.

මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර පවත්වගෙන යන්නේ Watchtower Bible and Tract Society of New York, Inc. (“Watchtower”) විසිනි. මෙම වෙබ් අඩවියේ ඇති සෑම ප්‍රකාශයක්ම හා තොරතුරක්ම Watchtower Bible and Tract Society of Pennsylvania (“Watch Tower”)හි බුද්ධිමය දේපළ වේ. එසේ නොවන අවස්ථාවලදී ඒ බව සඳහන් කර තිබේ.

 වෙළඳ සලකුණු

Adobe, Adobe ලාංඡනය, Acrobat සහ Acrobat ලාංඡන Adobe Systems Incorporated සමාගම සතු වෙළඳ සලකුණු වේ. Apple, iTunes, හා iPod, Apple Inc. සමාගම සතු වෙළඳ සලකුණු වේ. Microsoft, Microsoft ලාංඡනය, Microsoft Office සහ Microsoft Office 365 ඇතුළු Microsoft ආයතනයට අයිති වෙනත් මෘදුකාංගවල සහ නිෂ්පාදනවල නම් Microsoft Inc. සමාගම සතු වෙළඳ සලකුණු වේ. Android කියන්නේ Google LLCවල වෙළඳ සලකුණක්. Google සමාගමෙන් මුදාහැරලා තියෙන Android රොබෝ ලාංඡනය ඒ ආකාරයෙන්ම එහෙම නැත්නම් සුළු වෙනස්කම් ඇතුව මේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. එසේ කරලා තියෙන්නේ Creative Commons 3.0 Attribution බලපත්‍රයේ (https://creativecommons.org/licenses/by/3.0/us/) කොන්දේසිවලට එකඟවයි. අනිත් සියලුම වෙළඳ සලකුණු සහ ලියාපදිංචි කර ඇති වෙළඳ සලකුණු අදාළ සමාගම්වලට අයිති ලාංඡනයි.

 භාවිත කිරීමේ නීති හා වෙබ් අඩවිය භාවිත කිරීමට බලපත්‍ර

මෙම වෙබ් අඩවිය භාවිත කරන ඔබ, මෙම භාවිත කිරීමේ නීතිවලට සම්පූර්ණයෙන්ම යටත් වෙයි. ඔබ මෙම වෙබ් අඩවිය භාවිත කරනවා නම් මෙහි සඳහන් භාවිත කිරීමේ නීති ඇතුළුව වෙබ් අඩවියේ පළ වෙන අමතර භාවිත කිරීමේ නීතිවලට (එකට ගත් කල ”භාවිත කිරීමේ නීති”) ඔබ එකඟයි කියලා ඒකෙන් අදහස් වෙයි. මෙම භාවිත කිරීමේ නීතිවලට හෝ ඉන් එක් කොටසකට හෝ ඔබ එකඟ නොවෙයි නම් මෙම වෙබ් අඩවිය භාවිත නොකළ යුතුයි.

මෙම වෙබ් අඩවිය භාවිත කළ හැකි නිවැරදි ක්‍රමය මොකක්ද? මෙහි සඳහන් නීතිවලට එකඟව ඔබට කළ හැක්කේ මේ දේවල්ය:

  • මෙම වෙබ් අඩවියට පිවිස Watch Tower සමිතියට ප්‍රකාශන හිමිකම ඇති පින්තූර, ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන, සංගීතය, ඡායාරූප, ප්‍රකාශ හා වීඩියෝ බැලීමට, ඩවුන්ලෝඩ් කරගැනීමට සහ ප්‍රින්ට් කරගැනීමට ඔබට හැකියි. නමුත් එසේ කළ හැක්කේ වාණිජ අරමුණකින් තොරව ඔබේ පෞද්ගලික පාවිච්චිය සඳහා පමණයි.

  • මෙම වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ප්‍රකාශන, වීඩියෝ හෝ ඕඩියෝ වැඩසටහන්වල ලින්ක්ස් හෝ ඉලෙක්ට්‍රෝනික පිටපත් වෙනත් කෙනෙකු සමඟ බෙදාගන්න පුළුවන්.

පහත සඳහන් දේවල් කිරීම සපුරා තහනම්:

  • මෙම වෙබ් අඩවියේ ඇති පින්තූර, ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන, වෙළඳ සලකුණු, සංගීත, ඡායාරූප, වීඩියෝ හෝ ලිපි අන්තර්ජාලයේ (වෙනත් කිසිම වෙබ් අඩවියක, කිසිම ෆයිල් ෂෙයාරිං වෙබ් අඩවියක, වීඩියෝ ෂෙයාරිං වෙබ් අඩවියක හෝ කිසිම මිතුරු සමාජ වෙබ් අඩවියක) පළ කිරීම.

  • මෙම වෙබ් අඩවියේ ඇති පින්තූර, ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන, වෙළඳ සලකුණු, සංගීත, ඡායාරූප, ප්‍රකාශ හෝ වීඩියෝ, සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් එකක ඇතුළත් කිරීම හෝ ඒ ඇප්ලිකේෂන් එකක් හරහා බෙදාහැරීම (සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් එකක භාවිතය සඳහා වෙබ් සර්වර් එකකට ඇතුළත් කිරීමත් මේකට ඇතුළත් වෙනවා).

  • මුදල් උපයාගැනීමේ හෝ ව්‍යාපරයක් කිරීමේ අරමුණින් (මූල්‍යමය ලාභයක් ලැබුණත් නැතත්) මෙම වෙබ් අඩවියේ ඇති පින්තූර, ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන, වෙළඳ සලකුණු, සංගීතය, ඡායාරූප, ප්‍රකාශ සහ වීඩියෝ යළි නිපදවීම, කොපි කිරීම, බෙදාහැරීම, ඒවාවල අනුපිටපත් සෑදීම හෝ වෙනත් ආකාරයකින් ඒවා අයුතු ලෙස පරිහරණය කිරීම.

  • මෙම වෙබ් අඩවියේ තියෙන තොරතුරු බෙදාහැරීමේ අරමුණින් මොන යම් ක්‍රමයකින් හෝ ඒකේ ඇති දත්ත, HTML, රූප හෝ ප්‍රකාශ එකතු කිරීම, කොපි කිරීම, ඩවුන්ලෝඩ් කිරීම, එක්ස්ට්‍රැක්ට් කිරීම, හාර්වස්ට් කිරීම, ස්ක්‍රේප් කිරීම. ඒ වගේම ඒ අරමුණින් සොෆ්ට්වෙයාර් ඇප්ලිකේෂන් හෝ වෙනත් මෙවලම් සෑදීම. (ඉලෙක්ට්‍රෝනික ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරන EPUB, PDF, MP3, සහ MP4 වගේ වෙළඳ අරමුණක් නැතුව මුදාහැරලා තියෙන, නොමිලේ ලබාගන්න පුළුවන් ඇප්ලිකේෂන් මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඕනෙම කෙනෙක්ට පිවිසෙන්න පුළුවන් මෙම වෙබ් අඩවියේ පිටුවල තියෙන තොරතුරු ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න පුළුවන්.)

  • මෙම වෙබ් අඩවිය අයුතු ලෙස භාවිත කිරීම. උදාහරණෙකට එහි වෙබ් ලිපිනය හරහා පිවිසෙන්නේ නැතුව වෙනත් ක්‍රමවලින් එයට පිවිසිලා එහි සඳහන් තොරතුරුවලට සහ ඉටු කරන කාර්යයන්ට බාධා කිරීම.

  • මෙම වෙබ් අඩවියට හානි වන ආකාරයට හෝ හානියක් විය හැකි ආකාරයට එය භාවිත කිරීම හෝ එයට පිවිසෙන්න බැරි වන ලෙස එයට බාධා කිරීම; නීත්‍යනුකූල නොවන, නීති විරෝධී, වංචනික හෝ හානිකර ආකාරයට එහෙමත් නැත්නම් නීත්‍යනුකූල නොවන, නීති විරෝධී, වංචනික හෝ හානියක් කරන අරමුණින් මෙම වෙබ් අඩවිය භාවිත කිරීම.

  • මෙම වෙබ් අඩවිය හෝ ඒකේ තියෙන පින්තූර, ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන, වෙළඳ සලකුණු, සංගීතය, ඡායාරූප, ප්‍රකාශ සහ වීඩියෝ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් භාවිත කිරීම.

  • මෙම වෙබ් අඩවියේ Google Mapsහි සේවාවන් යොදාගන්නවා. තුන්වන පාර්ශ්වයක් වන එය අපේ පාලනයෙන් තොරයි. මෙම වෙබ් අඩවියට පිවිසෙද්දී ඔබ Google Mapsහි සේවාවන් පාවිච්චි කරනවා නම් Google Maps/Google Earthහි දැනට පවතින අමතර භාවිත කිරීමේ නීතිවලට ඔබ යටත් කියලා මතක තබාගන්න. ඒ නීති සහ කොන්දේසි අලුත් කරද්දී ඒ ගැන අපිව දැනුවත් කරන්නේ නැහැ. ඒ නිසා Google Mapsහි සේවාවන් ලබාගන්න කලින් ඒ අයගේ කොන්දේසි නැවත කියවා බලන්න. ඒ කොන්දේසිවලට යටත් වෙන්න ඔබ අකමැති නම් Google Maps පාවිච්චි කරන්න එපා. Google Maps හරහා ඔබ සොයන තොරතුරු Google Maps මගින් මෙම වෙබ් අඩවියට දැනුම් දෙන්නේ නැහැ.

 වෛද්‍යමය තොරතුරු

මෙම වෙබ් අඩවියේ වෛද්‍යමය තොරතුරු (“වෛද්‍යමය තොරතුරු”) යටතේ සඳහන් දේවල් ඔබව දැනුවත් කිරීම සඳහා පමණයි. ඒකේ අරමුණ වෛද්‍ය උපදෙස් ලබා දීම නොවෙයි. වෛද්‍ය උපදෙස් ලබාගැනීම, රෝග නිර්ණය කිරීම හෝ ප්‍රතිකාර ලබාගැනීම ඔබ වෛද්‍යවරයෙක් හමු වී කළ යුතු දෙයක්. මේ කොටසේ තියෙන තොරතුරු එයට ආදේශකයක් නොවෙයි. “වෛද්‍යමය තොරතුරු” කියන කොටසේ යම් ප්‍රතිකාර ක්‍රම, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ, වෛද්‍යවරුන් සහ වෛද්‍ය මත සඳහන් වෙන්න පුළුවන්. ඒත් ඒ කිසිම තොරතුරක් මේ වෙබ් අඩවියෙන් නිර්දේශ කරන්නේවත් අනුමත කරන්නේවත් නැහැ.

ඔබට යම් අසනීපයක් ගැන, ප්‍රතිකාර ක්‍රමයක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පිළිගත් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබාගන්න.

මේ වෙබ් අඩවියේ නිවැරදි මෙන්ම අලුත්ම වෛද්‍යමය තොරතුරු ලබා දෙන්න උත්සාහ කර තිබෙනවා. වෛද්‍යමය තොරතුරු කියන කොටසට නිවැරදිම තොරතුරු ඇතුළත් කරන්න උපරිමයෙන් උත්සාහ කරලා තිබුණත් ඒ ගැන 100% සහතිකයක් ලබා දෙන්න බැහැ. (උදාහරණෙකට මෙහි සඳහන් ඖෂධවලින්, ප්‍රතිකාර ක්‍රමවලින් පාඨකයා බාලාපොරොත්තු වෙන විදිහටම ප්‍රතිඵල ලැබුණේ නැත්නම් මේ වෙබ් අඩවියෙන් ඒ ගැන වගකීමක් ගන්නේ නැහැ.) ඒ කොටසේ සඳහන් තොරතුරු කිසිම වෙනසක් නොකර ඒ ආකාරයෙන්ම ලබා දෙනවා කියා මතක තබාගන්න (“AS IS” without warranty, express or implied). මෙම කොටසේ තියෙන තොරතුරු හැම කාලෙකටම, හැම කෙනෙක්ටම ගැළපෙනවා කියන එක ගැනවත් යම් විෂයකට අදාළ හැම තොරතුරක්ම ඇතුළත් කර තිබෙනවා කියන එක ගැනවත් සහතිකයක් දෙන්නේ නැහැ. මේ කොටසේ තියෙන තොරතුරුවල යම් අඩුපාඩු තියෙනවා නම් මේ වෙබ් අඩවිය ඒ ගැනත් වගකීමක් ගන්නේ නැහැ. මෙහි සඳහන් තොරතුරු අනුගමනය කරන්න ඔබ තීරණයක් ගත්තොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි. මේ කොටසේ සඳහන් තොරතුරු අදාළ කරගැනීම නිසා හෝ මේ කොටස භාවිත කිරීමට නොහැක වීම නිසා හෝ යම් අලාභයක් නැත්නම් පාඩුවක් විඳින්න වුණොත් ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්න මෙම වෙබ් අඩවිය බැඳී නැහැ. (ආනුභූතික සහ ආනුශංගීය හානි, ශරීරයට සිදු වෙන හානි/නොසැලකිල්ල හේතුවෙන් සිදු වෙන මරණ, ලාභ නැති වී යාම, ව්‍යාපාර කටයුතු ඇණහිටීම එහෙම නැත්නම් දත්ත නැති වීම හේතුවෙන් විඳින්න වෙන පාඩු ඇතුළුව තවත් දේවල් රැසක් මෙයට ඇතුළත් වේ.) කෙනෙක් වගකීම් උල්ලංගනය කිරීම, ගිවිසුමක් කඩ කිරීම හෝ අයිතිවාසිකම් උල්ලංගනය කිරීම කියන පදනම මත වන්දි ඉල්ලුවත් එහෙම නැත්නම් ඒ වගේ වන්දියක් ඉල්ලන්න ඉඩ තියෙනවා කියලා දැනුම් දීලා තිබුණත් නැතත් ඒ වගේ වන්දි ගෙවන්න මේ වෙබ් අඩවිය බැඳී නැහැ.

 වගකීම් ප්‍රතික්ෂේප කිරීම සහ වගකීම් සීමා කිරීම

මේ වෙබ් අඩවියත් ඒ හරහා ඔබට ලබා දෙන සෑම තොරතුරක්ම සහ වෙනත් සේවාවක්මත් Watchtower සමිතියෙන් ඔබට ලබා දීලා තියෙන්නේ කිසිම වෙනසක් නොකරයි (on an “as is” basis). Watchtower සමිතිය කිසිම කෙනෙක්ව ගිවිසුමකට බඳවගන්නේවත් ඒකේ ඉදිරිපත් කරන තොරතුරු ගැන කිසිම විදිහේ (express or implied) සහතිකයක් ලබා දෙන්නේවත් නැහැ.

වයිරස් වගේ හානිකර දේවල් මෙම වෙබ් අඩවියේ නැහැ කියා Watchtower සමිතිය සහතික කරන්නේ නැහැ. මෙම වෙබ් අඩවියේ සේවාවන් භාවිත කරද්දී එහෙම නැත්නම් ඒ හරහා තොරතුරු හෝ වෙනත් සේවාවන් ලබාගද්දී සිදු විය හැකි මොනම විදිහක හෝ හානියකට වන්දි ගෙවන්න Watchtower සමිතිය බැඳී නැහැ. සෘජු හෝ වක්‍රාකාර හානි, ආනුභූතික සහ ආනුශංගීය හානි, දඬුවම් ලැබිය හැකි හානි, (ලාභ නැති වී යාම) ඇතුළුව තවත් දේවල් රැසක් මෙයට ඇතුළත් වේ.

 භාවිත කිරීමේ නීති කඩ කිරීම

භාවිත කිරීමේ නීති කඩ කරන කෙනෙක්ට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මේ ඡේදයේ සඳහන් කරලා තියෙන දඬුවම්වලට සීමා වෙන්නේ නැහැ. භාවිත කිරීමේ නීති ඔබ කඩ කළොත් ඔබට මෙම වෙබ් අඩවියට පිවිසීමට ඇති හැකියාව තාවකාලිකව අත්හිටුවීමට, වෙබ් අඩවියට පිවිසීම සපුරා තහනම් කිරීමට, ඔබේ IP ලිපිනය යොදාගෙන වෙබ් අඩවියට ඇතුල් වීමට ඇති හැකියාව බ්ලොක් කිරීමට, ඔබේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රවයිඩර් හරහා මෙම වෙබ් අඩවියට පිවිසීමට ඇති හැකියාව වැළැක්වීම සහ/හෝ ඔබට එරෙහිව නීතිය මගින් ක්‍රියා කිරීමට හෝ වෙන ඕනම ක්‍රියාමාර්ගයක් ගැනීමට Watchtower සමිතියට අවශ්‍ය නම් හැකියි.

 විටින් විට නීති යළි සලකා බැලීම

භාවිත කිරීමේ මෙම නීති Watchtower සමිතිය මගින් විටින් විට නැවත සලකා බලා අලුත් කරන්න ඉඩ තියෙනවා. අලුත් කරන ලද භාවිත කිරීමේ නීති එය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට වලංගු වේ. එමනිසා අලුත් කරන ලද භාවිත කිරීමේ නීති ගැන දැනගැනීමට නිතරම මෙම පිටුවට පිවිසෙන ලෙස ඉල්ලා සිටිනවා.

 නීතිය හා අධිකරණ බලය

භාවිත කිරීමේ මෙම නීති පාලනය කෙරෙන්නේ සහ ගෙන තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් ප්‍රාන්තයේ නීතිවලට එකඟවයි. භාවිත කිරීමේ නීතිය උල්ලංගනය කරන අය මොන රටේ ජීවත් වුණත් ඒ අය ඒ නීතියට යටත් වේ (without regard to conflict of laws provisions). ඒ අයට විරුද්ධව පවරන ඕනම නඩුවක් එක්සත් ජනපදයේ නිව් යෝක් ප්‍රාන්තයේ ස්ටේට් හෝ ෆෙඩරල් අධිකරණයක් මගින් විභාග කරනු ලැබේ.

 සමහර නීති අදාළ නැති විට

නිසි බලය ඇති උසාවියකින් භාවිත කිරීමේ මෙම නීතියට ඇතුළත් වෙන යම් නීතියක් බල රහිතයි, වලංගු නැත, ක්‍රියාත්මක කළ නොහැකියි හෝ නීතියට එකඟ නැත කියා තීරණය කළත් භාවිත කිරීමේ නීතියට ඇතුළත් අනිත් නීති අහෝසි නොවන අතර ඒවා දිගටම ක්‍රියාත්මක කරනු ලැබේ. Watchtower සමිතිය විසින් භාවිත කිරීමේ නීතියට ඇතුළත් යම් නීති ක්‍රියාත්මක කරන්න පියවර ගෙන නැත්නම් Watchtower සමිතිය තවදුරටත් ඒ නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ කියාවත් ඒ නීතිවලට අනුව පියවර ගන්න තමන් සතු අයිතිය නොසලකා හරිනවා කියාවත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ.

 සම්පූර්ණ ගිවිසුම

මෙම වෙබ් අඩවිය භාවිත කිරීම සම්බන්ධයෙන් ඔබයි, Watchtower සමිතියයි අතර ඇති කරගන්න සම්පූර්ණ ගිවිසුම මෙහි සඳහන් වේ. ඔබ Watchtower සමිතිය සමඟ කලින් ඇති කරගත්ත ගිවිසුම් තවදුරටත් වලංගු නැහැ.