Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන්ද?

 ඔව්. ඒ සඳහා හේතු මේවායි:

  •   යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් සහ ආදර්ශය පිළිපදින්න අපි උපරිමය කරනවා.—1 පේතෘස් 2:21.

  •   “අපව ගැලවීමට ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව දෙවි අප අතරින් තෝරාගෙන නැහැ” කියලා බයිබලයේ කියන දේ අපි පිළිගන්නවා.—ක්‍රියා 4:12.

  •   කෙනෙක් යේසුස්ගේ නාමයෙන් බව්තීස්ම වෙද්දී ඒ තැනැත්තා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙනවා.—මතෙව් 28:18, 19.

  •   අපි අපේ යාච්ඤාව දෙවිට ඔප්පු කරන්නේ යේසුස්ගේ නාමයෙන්.—යොහන් 15:16.

  •   හැම පුරුෂයෙකුගේම හිස වන්නේ යේසුස්. ඒ කියන්නේ හැම පුරුෂයෙක්ම ඔහුට යටත් කියලා අපි පිළිගන්නවා.—1 කොරින්ති 11:3.

 කොහොමවුණත් අපි ක්‍රිස්තියානීන් කියලා කියන අනික් අයට වඩා හුඟක් පැතිවලින් වෙනස්. උදාහරණයකට යේසුස් දෙවිගේ පුත්‍රයා මිසක් ත්‍රිත්වයේ කොටසක් නෙමෙයි කියලා බයිබලයේ කියන දේ අපි විශ්වාස කරනවා. (මාක් 12:29) අමරණීය ආත්මයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම දෙවි දුෂ්ට මිනිසුන්ට අපායක දිගටම දුක් විඳින්න සලස්සනවා කියලා බයිබලයේ කොහේවත් නැහැ. සභාවේ පෙරමුණ ගෙන වැඩ කරන අය අනික් අයට වඩා උසස් වන්නේවත් එයාලට උසස් ගෞරව නාමවලින් අමතන්නේවත් නැහැ.—දේශනාකාරයා 9:5; එසකියෙල් 18:4; මතෙව් 23:8-10.