Skip to content

තමන්ගේ ආගම සත්‍ය ආගම කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවද?

තමන්ගේ ආගම සත්‍ය ආගම කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවද?

 තමන්ගේ ආගම හරියි කියලා හැම කෙනෙක්ම හිතනවා. දෙවියන් සහ යේසුස්ගේ ආශීර්වාදය තමන්ගේ ආගමට තියෙනවා කියලා සමහරු හිතන්න පුළුවන්. නැත්නම් එයාලා ඒ ආගමේ ඉන්නෙ නැහැනේ.

 හැබැයි හරි ආගම් ගොඩක් තියෙනවා කියලා යේසුස් කිව්වේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ “ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි” කියලා. (මතෙව් 7:14) තමන් යන්නේ ඒ පාරේ කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා.