Skip to content

චණ්ඩි ළමයින්ව මෙල්ල කරන විදිහ කියලා දුන්නා

චණ්ඩි ළමයින්ව මෙල්ල කරන විදිහ කියලා දුන්නා

හියුගෝ වයස අවුරුදු 10ක පිරිමි ළමයෙක්. එයාට බ්‍රිතාන්‍යයේ සමාජ සේවා ආයතනයකින් පිරිනමන ඩයනා සම්මානය ලැබුණා. ඒ සම්මානය දුන්නේ පංතියේ ළමයින්ට චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්න එයා උදව් කරපු නිසයි.

සම්මානය ගැන හියුගෝ මෙහෙම කිව්වා. “jw.org වෙබ් අඩවියේ තියෙන ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක නිසා තමයි මට චණ්ඩි ළමයිගේ කරදරවලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වුණේ. මේක මට ලැබුණේ ඒ වීඩියෝ එක නිසයි.”

“ලෝකේ ඉන්න හැම ළමයෙක්ම වගේ චණ්ඩි ළමයින්ගේ හිරිහැරවලට මුහුණ දෙනවා. මොනවද මේකට කරන්න පුළුවන්? (‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එකෙන්.)

හියුගෝ මුලින්ම ඒ වීඩියෝ එක පෙන්නුවේ එයාගේ ගුරුවරුන්ට. එයාලා ඒකට ගොඩක් සතුටු වුණ නිසා ඉස්කෝලේ ළමයින්ටත් jw.org වෙබ් අඩවිය පෙන්නුවා. දැන් හියුගෝ යන ඉස්කෝලේ අවුරුදු 8-10 වයසේ ඉන්න ගොඩක් ළමයි හැමදාම වගේ jw.org වෙබ් අඩවිය බලනවා. එයාලා කියන්නේ ඒකෙ තියෙන වීඩියෝ චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්න විතරක් නෙමෙයි පුංචි ළමයි මුහුණ දෙන වෙන වෙන ප්‍රශ්නවලටත් උත්තර ඒකේ තියෙනවා කියලා. උදාහරණයකට හොඳ යාළුවන්ව ඇති කරගන්නේ කොහොමද වගේ ප්‍රශ්නවලට.

කලින්ම සූදානම් වුණ එකෙන් ලැබුණ ප්‍රයෝජන

බ්‍රිතාන්‍යයේ තවත් පාසැලක ඉන්න අවුරුදු අටක් වයස ඉලයිජාත් චණ්ඩි ළමයි නිසා දුක් වින්ද කෙනෙක්. එයත් පවුලේ අය එක්ක ඒ වීඩියෝ එක බැලුවා. ඒ විතරක් නෙමෙයි, ළමයි චණ්ඩිකම් පානකොට කරන්න ඕන දේ, කතා කරන්න ඕන විදිහ එයා ගෙදරදී පුරුදු වුණා. ඒකෙන් පස්සේ ඉලයිජා ඉස්කෝලෙට ගියේ කිසිම බයක් නැතුව. “චණ්ඩිකම් එපා” කියලා වෙන් කරලා තිබුණ විශේෂ සතියෙදී ඉලයිජාගේ පාසැලේ ප්‍රධාන ගුරුවරයා ඒ වීඩියෝ එක හැම ළමයෙක්ටම පෙන්නුවා.

ළමයි චණ්ඩිකම් පාන එක බ්‍රිතාන්‍යයේ විතරක් නෙමෙයි, මුළු ලෝකයේම තියෙන ගැටළුවක්. ඒ නිසා මේ කාටූන් වීඩියෝවලින් පාසැල් දරුවන්ට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

ඇමරිකාවේ ඉන්න අයිවිට අවුරුදු දහයයි. එයා පංතියේ ගෑණු ළමයෙක්ට හරි බයෙන් හිටියේ. ඒත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ චණ්ඩිකම් පාපු ඒ ළමයා එක්ක බය නැතුව කතා කරන්නත් පංතියේ ගුරුවරියට ඒ ගැන කියන්නත් එයාට පුළුවන් වුණා. පස්සේ අයිවිට කරදර කරපු ළමයා අයිවිගෙන් සමාව ඉල්ලුවා. දැන් එයාලා හොඳ යාළුවෝ!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පුංචි දරුවන්ගේ සතුට සහ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ නිසා චණ්ඩි ළමයින්ගේ කරදරවලට මූණ දෙන විදිහ වගේ එයාලට තියෙන ගැටලුවලට ඕන කරන උපදෙස් ලබා දෙන්න දිගටම සැලසුම් කරනවා.