එළිදරව් 21:1-27

21  මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද දුටුවෙමි.+ මන්ද මුලින් තිබූ අහසත්+ මුලින් තිබූ පොළොවත්+ පහව ගොස් තිබිණ. මුහුදද+ තවත් දක්නට නොලැබිණ.  එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+  ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම+ මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත.+ ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය.+ දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත.+  එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.+ මරණයද තවත් නොවන්නේය.+ වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.+ මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”+  සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා+ මෙසේ පැවසුවේය. “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.”+ තවදුරටත් ඔහු, “ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියාද පැවසුවේය.  ඔහු මට මෙසේද කීවේය. “එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.+ පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ වතුර බීමට දෙන්නෙමි.+  ජයගන්නාට ඒ දේවල් උරුම වන්නේය. මම ඔහුගේ දෙවි වන්නෙමි.+ ඔහු මාගේ පුත්‍රයා වන්නේය.+  නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+  ඉන්පසු අවසන් පීඩා හතෙන් පිරුණු බඳුන් හත ඇතුව සිටි දේවදූතයන් හත්දෙනාගෙන් එක් කෙනෙක්+ ඇවිත් මට මෙසේ පැවසුවේය. “මෙතැනට එන්න. බැටළු පැටවාගේ භාර්යාව වන මනාලියව මම ඔබට පෙන්වන්නෙමි.”+ 10  එවිට ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් මාව අතිවිශාල වූ උස් කන්දකට ගෙන ගියේය.+ එහිදී ශුද්ධ නුවර+ වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන ආකාරය+ ඔහු මට පෙන්වූවේය. 11  ඊට දෙවිගේ තේජසද තිබිණ.+ එහි දීප්තිය ඉතා අනර්ඝ මැණිකක් හා සමාන විය. එය ඉතා පැහැදිලි පළිඟු මෙන් බැබළෙන ජැස්පර් ගලක් හා සමානය.+ 12  එයට විශාල, උස් පවුරක්ද+ දොරටු දොළොසක්ද තිබිණ. ඒ දොරටු අසල දේවදූතයෝ දොළොස්දෙනෙක්ද සිටියෝය. එම දොරටුවල නම්ද ලියා තිබිණ. ඒ ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොළොසේ නම්ය.+ 13  නැඟෙනහිරෙන් දොරටු තුනක්ද උතුරෙන් දොරටු තුනක්ද දකුණෙන් දොරටු තුනක්ද බස්නාහිරෙන් දොරටු තුනක්ද තිබිණ.+ 14  ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල්+ දොළොසක්ද දමා තිබිණ. ඒවා මත බැටළු පැටවාගේ නියෝජිතයන්* දොළොස්දෙනාගේ නම්+ දොළොස සටහන් කර තිබිණ. 15  මා සමඟ කතා කරමින් සිටි තැනැත්තා, ඒ නුවරද එහි දොරටුද එහි පවුරද මැනීම සඳහා+ කෝදුවක් ලෙස රන් බට දණ්ඩක් අල්ලාගෙන සිටියේය.+ 16  ඒ නුවර සමචතුරස්‍ර හැඩයකින් යුක්තය. එහි දිගත් පළලත් එක සමානය. ඔහු බට දණ්ඩෙන් නුවර මැන්නේය.+ එය පර්ලොං දොළොස්දහසකි.* එහි දිගද පළලද උසද සමානය. 17  ඔහු එහි පවුරද මැන්නේය. මිනිසුන්ගේ මිම්මකින් බැලුවත් දේවදූතයෙකුගේ මිම්මකින් බැලුවත් එය රියන් එකසිය හතළිස්හතරකි.* 18  එහි පවුර ගොඩනඟා තිබුණේ ජැස්පර් ගල්වලිනි.+ පවිත්‍ර රනින් සාදා තිබුණු ඒ නුවර පැහැදිලි වීදුරු මෙන් විය. 19  ඒ නුවර වටා තිබූ පවුරේ අත්තිවාරම්+ සියලු ආකාර මැණික්වලින් සාදා තිබිණ.+ පළමුවෙනි අත්තිවාරම ජැස්පර්වලින් නිමවා තිබිණ.+ දෙවෙනි එක නීල මාණික්‍යයෙනි.+ තුන්වෙනි එක කැල්සිඩ්නිවලිනි. හතරවෙනි එක මරකතවලිනි.+ 20  පස්වෙනි එක සාඩොනික්ස්වලිනි. හයවෙනි එක සාඩියස්වලිනි. හත්වෙනි එක ක්‍රිසොලයිට්වලිනි.+ අටවෙනි එක බෙරිල්වලිනි. නවවෙනි එක පඩියන්වලිනි.+ දහවෙනි එක ක්‍රිසොප්‍රේස්වලිනි. එකළොස්වෙනි එක හයසින්ත්වලිනි. දොළොස්වෙනි එක අමතේස්තවලිනි.+ 21  දොරටු දොළොස මුතු දොළොසකි. සෑම දොරටුවක්ම සාදා තිබුණේ මුතු ඇටයකිනි.+ ඒ නුවරෙහි ප්‍රධාන වීථිය, විනිවිද පෙනෙන වීදුරු මෙන් වූ පවිත්‍ර රනින් සාදා තිබිණ. 22  නමුත් එහි දේවමාලිගාවක් මා දුටුවේ නැත.+ මන්ද සියලු බලැති+ යෙහෝවා+ දෙවි හා බැටළු පැටවා+ එහි දේවමාලිගාව වන්නෝය.+ 23  ඒ නුවරට ආලෝකය දීමට ඉරවත් සඳවත් අවශ්‍ය නැත. මන්ද දෙවිගේ තේජසින් එය ආලෝකවත් විය.+ බැටළු පැටවාද ඊට පහනක් විය.+ 24  ජාතීහු එහි ආලෝකයෙන් ගමන් කරන්නෝය.+ පොළොවේ රජවරු තම තේජස ඒ නුවර තුළට ගෙන එන්නෝය.+ 25  එහි කිසිදාක රාත්‍රියක් ඇති වන්නේ නැත.+ පවතින්නේ දිවා කාලය පමණි. එමනිසා එහි දොරටු කිසි ලෙසකින්වත් වසනු ලබන්නේ නැත.+ 26  එලෙසම ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඒ තුළට ගෙන එනු ලබන්නේය.+ 27  නමුත් පරිශුද්ධ නොවන දෙයක් ඒ තුළට ගෙනෙනු ලබන්නේ නැත. පිළිකුල් දෙයක්+ හෝ බොරුවක්+ හෝ කරමින් සිටින කෙනෙක් කිසිසේත් ඊට ඇතුල් වන්නේ නැත.+ ඊට ඇතුල් වන්නේ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි සටහන් වී ඇති අය පමණි.+

පාදසටහන්

එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.
හෝ, “යවනු ලැබූවන්.”
කිලෝමීටර් 2,220ක් පමණ.
මීටර් 64ක් පමණ.