2 රාජාවලිය 3:1-27

3  යූදාහි රජු වූ යෙහෝෂපාට්ගේ පාලන සමයේ දහඅටවන අවුරුද්දේදී ආහබ් රජුගේ පුත් යෙහෝරම්+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. සමාරියේ විසූ ඔහු අවුරුදු දොළොසක් රජකම් කළේය.  ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ එහෙත් තම පියා හා මව තරම් දුෂ්ට දේ නොකළේය.+ ඔහුගේ පියා බාල්ගේ නාමයට සෑදූ+ කණුව ඔහු ඉවත් කළේය.+  එහෙත් ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාප+ ඔහුත් කළේය. ඒ දුෂ්ට දේවල් අත්හැරීමට ඔහු කිසිම පියවරක් නොගත්තේය.  ඒ කාලයේ මෝවබ් දේශයේ රජු වූ මේෂාට+ බොහෝ බැටළු රැළවල් සිටියෝය. ඔහු ඊශ්‍රායෙල්හි රජුට කප්පමක් හැටියට බැටළු පැටවුන් ලක්ෂයකුත් ලොම් නොකැපූ බැටළුවන් ලක්ෂයකුත් යැව්වේය.  නමුත් ආහබ් රජු මිය ගිය පසු+ මෝවබ්හි රජ ඊශ්‍රායෙල්හි රජුට විරුද්ධව කැරලිගසන්න පටන්ගත්තේය.+  එබැවින් යෙහෝරම් රජ සමාරියෙන් පිටත්ව ගොස් සියලු ඊශ්‍රායෙල්වරුන්ව සටනට රැස් කරගත්තේය.+  මීට අමතරව ඔහු යූදාහි යෙහෝෂපාට් රජුට පණිවිඩ යවා මෙසේ කීවේය. “මෝවබ් දේශයේ රජු මට විරුද්ධව කැරලිගසනවා. මෝවබ් දේශයට විරුද්ධව යුද්ධයට යන්න මා සමඟ එන්න ඔබ කැමතිද?” යෙහෝෂපාට් රජ මෙසේ කීවේය. “මම ඔබ සමඟ එන්නම්.+ මගේ සෙනඟ ඔබේ සෙනඟ කියා සිතන්න.+ මගේ අශ්වයන් ඔබේ අශ්වයන් කියා සිතන්න.”  ඔහු තවදුරටත්, “අපි මොන පාරෙන් ගියොත්ද හොඳ” කියා ඇසුවේය. “අපි ඒදොම්හි පාළුකරය+ මැදින් වැටී ඇති පාරෙන් යමු” කියා යෙහෝරම් රජ කීවේය.  එබැවින් ඊශ්‍රායෙල්හි රජද යූදාහි රජද ඒදොම්හි රජද+ සටනට පිටත්ව ගියෝය. ඔවුහු කෙළින් පාරේ නොගොස් දවස් හතක් පුරා වෙනත් පාරකින් ගමන් කළෝය. ඔවුන් යන අතරතුර ඔවුන් සමඟ ගමන් කළ භටයන්ටත් ඔවුන්ගේ සතුන්ටත් බීමට වතුර තිබුණේ නැත. 10  අන්තිමේදී ඊශ්‍රායෙල්හි රජ, “යෙහෝවා දෙවි අපි තුන්දෙනාව මෙතැනට ගෙනැවිත් තිබෙන්නේ මෝවබ්වරුන්ගේ අතට අපව හසු කර දෙන්න”+ යයි කීවේය. 11  එවිට යෙහෝෂපාට් රජ+ මෙසේ කීවේය. “මේ අවට යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නැද්ද?+ එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි වෙනුවෙන් යෙහෝවා දෙවිගෙන් මේ ගැන විමසන්න කියා+ ඔහුට කියන්න පුළුවන්.” ඊශ්‍රායෙල්හි රජුගේ සේවකයෙක් පිළිතුරු දෙමින්, “ෂාපාත්ගේ පුත් එලිෂා ඉන්නවා.+ එලියාට අත් සෝදන්න වතුර වත් කළේ ඔහුයි”+ කියා පැවසුවේය. 12  එවිට යෙහෝෂපාට් රජ, “ඔව්, යෙහෝවා දෙවි ඔහු මාර්ගයෙන් කතා කරනවා” යයි කීවේය. පසුව ඊශ්‍රායෙල්හි රජද යෙහෝෂපාට් රජද ඒදොම්හි රජද එලිෂාව හමු වීමට ගියෝය. 13  එවිට එලිෂා ඊශ්‍රායෙල්හි රජුට මෙසේ කීවේය. “ඔබ මා ළඟට ආවේ ඇයි?+ ඇයි ඔබේ දෙමාපියන් විශ්වාස කළ අනාගතවක්තෘවරුන් නැද්ද? ගිහින් ඔවුන්ගෙන් විමසන්න.”+ එහෙත් ඊශ්‍රායෙල්හි රජ ඔහුට මෙසේ කීවේය. “එහෙම කියන්න එපා. යෙහෝවා දෙවි අපව මේ විදිහට එක් රැස් කළේ අපි තුන්දෙනාව මෝවබ්වරුන්ගේ අතට හසු කර දෙන්නයි.”+ 14  එය ඇසූ එලිෂා මෙසේ කීවේය. “මා සේවය කරන ස්වර්ගයේ සේනාවල අධිපතිද ජීවමාන දෙවිද වන යෙහෝවාගේ නමින් දිවුරා මම ඔබට කියන්නේ,+ අද යූදාහි රජු වන යෙහෝෂපාට් ඔබ සමඟ මෙතැනට ආවේ නැත්නම්+ මම ඔබේ මුහුණවත් බලන්නේ නැහැ.+ 15  දැන් ගිහින් වීණාවක් වාදනය කරන්න පුළුවන් මනුෂ්‍යයෙකුව මෙතැනට කැඳවාගෙන එන්න.”+ පසුව ඒ මනුෂ්‍යයා පැමිණ වීණාව වාදනය කිරීමට පටන්ගත් විගස යෙහෝවා දෙවිගේ බලය+ එලිෂා තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය. 16  ඉන්පසු ඔහු මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘මේ නිම්නයේ සෑම තැනකම කානු කපන්න.’+ 17  මන්ද යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පැවසුවා. ‘සුළං හමනවාවත් වැසි වැටෙනවාවත් ඔබ නොදකියි. නමුත් මේ නිම්නය වතුරෙන් පිරී යයි.+ ඔබටත් ඔබ ළඟ සිටින සියලු සතුන්ටත් එයින් බොන්න පුළුවන් වෙයි.’+ 18  එවැනි දෙයක් කිරීම යෙහෝවා දෙවිට එතරම් දෙයක් නෙවෙයි.+ ඔහු මෝවබ්වරුන්වත් ඔබේ අතට හසු කර දෙයි.+ 19  පවුරුවලින් වට වී තිබෙන ඔවුන්ගේ නුවරවල් සියල්ලම විනාශ කර දමන්න.+ ඔවුන්ගේ හොඳම නගර එකක්වත් ඉතුරු නොකරන්න. ඔවුන්ගේ දේශයේ තිබෙන හොඳ ගස්+ සියල්ල කපා දමා,+ දිය උල්පත් සියල්ලද වසා දැමිය යුතුයි. සාරවත් වූ වගාබිම් සියල්ලට ගල් දමා නාස්ති කර දමන්න.” 20  පසුවදා උදෑසන+ ධාන්‍ය පූජාව ඔප්පු කරන වේලාවේදී+ ඒදොම් නගරය දෙසින් වතුර ගලා ඇවිත් මුළු දේශයම වතුරෙන් පිරී ගියේය. 21  තමන්ට විරුද්ධව සටන් කිරීමට රජවරුන් පැමිණ සිටින බව මෝවබ්වරුන්ට ආරංචි විය. එබැවින් ඔවුහු යුද්ධ කිරීමට පුළුවන් වයසක සිටි සියලු පුරුෂයන්ව රැස් කරගෙන දේශ සීමාව අසලට පැමිණියෝය. 22  උදෑසන අවදි වූ විට කානුවල පිරී තිබූ වතුර මතට හිරු එළිය වැටී තිබුණු බැවින් ඊට විරුද්ධ පැත්තේ සිටි මෝවබ්වරුන්ට ඒ වතුර ලේ මෙන් රතුව පෙනුණේය. 23  එබැවින් ඔවුහු, “මේ නම් ලේ තමයි! කිසිම සැකයක් නැහැ රජවරුන්ව මරලා දාලා. ඔවුන් එකිනෙකා මරාගන්න ඇති. ඉතින් මෝවබ්වරුනි, අපි දැන් ගිහින් ඔවුන්ගේ වස්තුව පැහැරගමු”+ යයි කීවෝය. 24  මෝවබ්වරුන් ඊශ්‍රායෙල් හමුදාවේ කඳවුරට ළඟා වූ විට ඊශ්‍රායෙල්වරු+ ඔවුන්ට පහර දීමට පටන්ගත්තෝය. මෝවබ්වරුන් ඔවුන් වෙතින් පලා ගිය+ නමුත් ඊශ්‍රායෙල්වරු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් මෝවබ් දේශයට ඇතුල් වී ඔවුන්ට පහර දුන්නෝය. 25  ඔවුහු ඔවුන්ගේ සියලු නගර විනාශ කළෝය.+ එමෙන්ම සෑම පුරුෂයෙකුම ගලක් බැගින් ගෙන ගොස් ඔවුන්ගේ සාරවත් කෙත් වතු සියල්ලම ගල්වලින් පිරෙව්වෝය. ඔවුහු සෑම දිය උල්පතක්ම වසා දමා,+ හොඳ ගස් සියල්ලද කපා දැමුවෝය.+ ඉතුරු වූයේ කිර්-හරෙසෙත් නගරයේ+ ගොඩනැඟිලි පමණි. ගල්පටිවලින් විදින්නෝ ඒවා වටා ගමන් කරමින් ඊට පහර දුන්නෝය. 26  සටනෙන් පරාජය වන බව දුටු මෝවබ්හි රජ, කඩුගත් මනුෂ්‍යයන් හත්සියදෙනෙක් සමඟ ඒදොම්හි රජු වෙතට සේනාව මැද්දෙන් යෑමට උත්සාහ කළේය.+ නමුත් ඔවුන්ට එසේ කිරීමට හැකි වූයේ නැත. 27  අවසානයේදී ඔහු තමාට පසුව රජකම ලබන්න නියමිතව සිටි තම කුලුඳුල් පුත්‍රයාව පවුර මත තබා ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කළේය.+ පසුව ඔවුහු ඒදොම්හි රජු වෙතින් පිටත්ව තමන්ගේ දේශයට නැවත ගියෝය. නමුත් ඊශ්‍රායෙල්වරුන් ගැන මහත් උදහසක් ඔවුන් තුළ ඇති විය.

පාදසටහන්