Skip to content

පටුනට යන්න

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

පොළොවේ යුක්තිය ඉටු වෙන කාලයක් කවදා හරි එයිද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“යෙහෝවා දෙවි පීඩිතයාටත් දිලින්දාටත් යුක්තිය ඉටු කර දෙන බව මට විශ්වාසය.” (ගීතාවලිය 140:12) දෙවියන්ගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී මුළු පොළොව පුරාම යුක්තිය ඉටු වෙන්න යනවා.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • ලෝකය පුරාම පැතිරිලා තියෙන අයුක්තිය දෙවියන්ට පේනවා. ඔහු ඉක්මනින්ම ඒක නැති කරන්න පියවර ගන්නවා.—දේශනාකාරයා 5:8.

  • දෙවියන් යුක්තිය ඉටු කරන කාලයේදී මුළු පොළොවටම සාමය සහ සුරක්ෂිතභාවය ලැබෙන්න යනවා.—යෙසායා 32:16-18.

දෙවියන් එක ආගමකට, ජාතියකට විශේෂත්වයක් පෙන්නනවාද?

සමහරු හිතනවා දෙවියන් සමහර ආගම්වල අයටත් ජාතීන්වල අයටත් ශාප කරලා තියෙනවා කියලා. තවත් අය කියන්නේ දෙවියන් හැමෝටම සලකන්නේ එකම විදිහට කියලයි. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’ (ක්‍රියා 10:34, 35) දෙවියන්ට හැමෝම එක හා සමානයි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • බයිබලයේ තියෙන පණිවිඩය “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවිඩයක්.”—එළිදරව් 14:6.