Skip to content

පටුනට යන්න

ඔබ සැබෑ දෙවියන්ව හඳුනනවාද?

ඔබ සැබෑ දෙවියන්ව හඳුනනවාද?

ගොඩක් අය දෙවියන්ව විශ්වාස කරනවා. ඒත් ඇත්තටම ඔහු මොන වගේ කෙනෙක්ද කියලා ඔයා හිතලා තියෙනවාද? මිනිසුන්ට ඒ ගැන තියෙන්නේ විවිධ අදහස්. සමහරු කියන්නේ මිනිසුන් මොනවා කළත් දෙවියන් සමාව දෙන්න බලාගෙන ඉන්න ප්‍රේමණීය කෙනෙක් කියලයි. තවත් අය කියන්නේ දෙවියන්ට මිනිසුන්ගෙන් කිසිම වැඩක් නැහැ කියලයි. දෙවියන් අපිට දඬුවම් කරන කෙනෙක් කියලා හිතන අයත් ඉන්නවා. ඒ වගේ විවිධ අදහස් නිසා සැබෑ දෙවියන්ව හරියටම හඳුනාගන්න බැහැ කියලයි හුඟක් අය හිතන්නේ.

දෙවියන් ගැන දැනගන්න එක වැදගත්ද? ඔව්. ජීවිතේ නියම අර්ථය වටහාගෙන සතුටින් ඉන්න ඒක ඔයාට උදව් වෙයි. (ක්‍රියා 17:26-28) දෙවියන්ට ළං වෙද්දී ඔහුගේ ආදරය සහ උපකාර ලබන්නත් ඔයාට පුළුවන්. (යාකොබ් 4:8) ඒ විතරක් නෙමෙයි දෙවියන්ව දැන හඳුනාගන්න එකෙන් මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—යොහන් 17:3.

දෙවියන්ව දැන හඳුනාගන්නේ කොහොමද? ඔයාගේ හොඳම යාළුවා ගැන හිතන්න. ඔයාලා දෙන්නා අතර කිට්ටු බැඳීමක් ඇති වුණේ කොහොමද? මුලින්ම ඔයා එයාගේ නම දැනගන්න ඇති. පස්සේ එයා මොන වගේ කෙනෙක්ද, එයා කැමති අකැමති දේවල්, කරලා තියෙන දේවල්, ඉස්සරහට කරන්න යන දේවල් දැනගන්න ඇති. එයා ගැන දැනගන්න තරමට ඔයා එයාට තවත් කිට්ටු වෙන්න ඇති. දෙවියන්ව දැන හඳුනාගන්න එකත් ඒ වගේ දෙයක්.

මේ ප්‍රශ්න ගැන හොයලා බලන එක දෙවියන්ව දැන හඳුනාගන්න ඔයාට උදව් වෙයි.

දෙවියන්ව හොඳින් දැන හඳුනාගන්නත් දෙවියන්ට ළං වෙන අයට ලැබෙන ආශීර්වාද ගැන දැනගන්නත් මේ සඟරාව ඔයාට උදව් වෙයි.