Skip to content

පටුනට යන්න

ආගමට සිදු වුණේ කුමක්ද?

ආගමට සිදු වුණේ කුමක්ද?

ආගමට සිදු වුණේ කුමක්ද?

යුද්ධවලට මූලිකවම වග කිව යුත්තේ ආගම කියා බොහෝ අය පවසනවා. ඔවුන් ඉන් අදහස් කරන්නේ ආගම් නැති වූ දාට යුද්ධ අඩු වන බවයි. එය සත්‍යයක්ද? කෙසේවෙතත් ලොව පුරා සිටින මිනිසුන්ව එක්සත් කිරීමට ආගම්වලට හැකි වී තිබෙනවාද කියා දැනගැනීමට පහත සඳහන් තොරතුරු ඔබට උපකාරවත් වෙයි.

භේද ඇති කිරීම

ලොව පුරා සිටින ජනයා ආගම් වශයෙන් බෙදී තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ආගම් අතර නිතර ගැටුම් ඇති වීමද සාමාන්‍යයි. එසේනම් එවැනි ප්‍රධාන ආගම් වන බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු හා යුදෙව් ආගමික බැතිමතුන් කවදා හෝ සාමයෙන් එකට ජීවත් වෙයිද?

කනගාටුවට කරුණක් වන්නේ එම ආගම් තුළ පවා බෙදීම් තිබීමයි. උදාහරණයකට ක්‍රිස්තියානියැයි කියාගන්නා නිකායන් 30,000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඉස්ලාම් ආගම තුළත් භේද තිබෙනවා. ඒ ගැන මුස්ලිම් ජාතික විශාරදයෙක් වන මෝසින් හොඩ්ෂාඩ් පැවසුවේ මෙයයි. “මුස්ලිම් රටවල ඇති වන ප්‍රශ්නවලට මූලික හේතුව නම් ඉස්ලාම් ආගම තුළ පවතින භේදයි.” ඒ හා සමානව බෞද්ධ, හින්දු, යුදෙව් වැනි ප්‍රධාන ආගම් තුළත් එකිනෙකට ගැටෙන නිකායන් ඇති වී තිබෙනවා.

දේශපාලනයට හවුල් වීම

සමාජයේ සෑම කාරණයකටම ආගම බලපා තිබෙනවා. ඒ ගැන එක් සඟරාවක මෙවැනි අදහසක් පළ වුණා. “ආගම අද ව්‍යාපාර ලෝකයටත් ඇතුල් වෙලා.” (The Economist) එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ආගම විසින් මිනිසුන්ව එකමුතු කරනවා වෙනුවට මිනිසුන් අතර භේද ඇති කිරීමයි. ඊටත් වඩා භයානක දෙය වන්නේ ආගම දේශපාලනය සමඟ හවුලේ වැඩ කිරීමයි. එම සම්බන්ධය ඉතිහාසයේ සිටම පැහැදිලිව දැකගන්න ලැබෙනවා.

ඉතිහාසඥයන් පිරිසකගේ අධ්‍යයනවලින් මෙවැනි දෙයක් හෙළි වුණා. “ආගම් දේශපාලනය සමඟ සම්බන්ධ වීම නිසා යුද්ධ ඇති වීමට ආගමත් හේතුවක් වී තිබෙනවා.” ඉතිහාසය පුරාම ඔප්පු වී ඇති සත්‍යයක් වන්නේ ආගම දේශපාලනය සමඟ ඉතා කිට්ටු බැඳීමක් ඇති කරගෙන තිබෙන බවයි.

භයානක තත්වයක්

බොහෝ රටවල ආගම සහ ජාතිය එකට බැඳී තිබෙනවා. ඒ නිසා යම් ගැටුමක් ඇති වූ විට එයට බලපා ඇත්තේ ජාති භේදයක්ද, කුල භේදයක්ද නැත්නම් ආගමික භේදයක්ද කියා පැහැදිලිව හඳුනාගැනීම පවා අසීරුයි. මෙවැනි වාතාවරණයක් සාමය උදා වීමට දායක වෙයිද? කොහෙත්ම නැහැ.

ලොව පුරා තිබෙන ආගම්වලින් බොහොමයක් පවසන්නේ ඔවුන් දෙවි කෙනෙකුට නමස්කාර කරන බවයි. ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන් අදහන දෙවි ඉතා ප්‍රේමණීය කෙනෙක් මෙන්ම සියලු දේම නිර්මාණය කළ තැනැත්තායි. එසේනම් ගැටලුව වන්නේ ‘එතරම් ප්‍රේමණීය බලවත් දෙවි කෙනෙක් භේද ඇති කරන, ලේ වැගිරීම්වලට සහය දෙන ආගම් අනුමත කරයිද’ යන්නයි.

[6වන පිටුවේ පින්තූරය]

දේශපාලන පැති නොගැනීම නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සිර දඬුවම් විඳීමට සිදු වී තිබෙනවා