Skip to content

පටුනට යන්න

බයිබලය කියවන්න උදව් වෙන යෝජනා

බයිබලය කියවන්න උදව් වෙන යෝජනා

ජීවිතයට ඕන කරන හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලයෙයි. ඔයා හැමදාම බයිබලය කියවලා ඒ ගැන හොඳට කල්පනා කරනවා නම් ඒකෙන් ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්නවා නම් ජීවිතය “සාර්ථක කරගන්න” ඔයාට පුළුවන්. (යොෂුවා 1:8; ගීතාවලිය 1:1-3) ඒ වගේම බයිබලයේ කියවලා දෙවියන් ගැනත් ඔහුගේ පුතා වන යේසුස් ගැනත් දැනුම ලබාගන්නවා නම් ගැලවීම ලබාගන්න ඔයාට ඒ දැනුම උදව් වෙනවා.—යොහන් 17:3.

බයිබලයේ තියෙන පොත් ඔයා කියවන්න ඕනෙ මොන අනුපිළිවෙළටද? ඒකට විදි කීපයක්ම තියෙනවා. මේ බයිබල් කියවීමේ වැඩසටහන පාවිච්චි කරලා බයිබලය මුල ඉඳලා කියවන්න හරි විෂයන් අනුව බෙදාගෙන කියවන්න හරි ඔයාට පුළුවන්. උදාහරණයකට දෙවියන් අතීතයේදී ඊශ්‍රායෙල් සෙනඟත් එක්ක කටයුතු කරපු විදිහ ගැන තියෙන පොත් කියවන්න එහෙමත් නැත්නම් මුල් සියවසේ ක්‍රිස්තියානි සහාව පිහිටවපු විදිහ, ඒක වර්ධනය වුණු විදිහ ගැන තියෙන වාර්තා කියවන්න ඔයාට පුළුවන්. හැම දවසකම ඒ ඒ දවසට වෙන් කරලා තියෙන පරිච්ඡේද ටික ඔයා කියවනවා නම් අවුරුද්දකින් මුළු බයිබලයම කියවලා ඉවර කරන්න ඔයාට පුළුවන්.

ඔයා බයිබලය හැමදාම කියවන්න හරි අවුරුද්දක් ඇතුළත කියවලා ඉවර කරන්න හරි එහෙමත් නැත්නම් අලුතින්ම කියවන්න පටන්ගන්න හරි කැමති කෙනෙක් නම් මේ වැඩසටහන ඔයාට උදව් වෙයි. මේ බයිබල් කියවීමේ වැඩසටහන ඩවුන්ලෝඩ් කරගෙන කැමති නම් ඒක ප්‍රින්ට් කරගෙන අදම බයිබලය කියවන්න පටන්ගන්න.