Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන ආගම ආරම්භ කළේ චාල්ස් ටේස් රසල්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන ආගම ආරම්භ කළේ චාල්ස් ටේස් රසල්ද?

 මෑත ඉතිහාසයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආරම්භය සිදු වුණේ 19වන සියවසේ අගභාගයේයි. එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ හිටිය කුඩා කණ්ඩායමක් පිළිවෙළකට බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඒ කණ්ඩායම බයිබලයේ උගන්වන දේවල් සහ පල්ලියේ උගන්වනදේවල් සන්සන්දනය කළා. ඒ අධ්‍යයනයෙන් ඒ අය හොයාගත්ත තොරතුරු පොත් පත් හා මුරටැඹ සඟරාව මාර්ගයෙන් මහජනයාට දැනුම් දුන්නා.

 ඒ කණ්ඩායම අතර චාල්ස් ටේස් රසල් කියලා කෙනෙක් හිටියා. බයිබලය ගැන ජනයාට තිබුණ දැනුම වැඩි කරන්න චාල්ස් පෙරමුණ අරගෙන වැඩ කළත් මුරටැඹ සඟරාවේ මුල්ම කතෘ විදිහට වැඩ කළත් එයා අලුත් ආගමක් පටන්ගත්තේ නැහැ. රසල් සහ එම කණ්ඩායමේ අරමුණ වුණේ ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ප්‍රචලිත කිරීම හා පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවේ සැලැස්ම අනුගමනය කිරීමයි. ක්‍රිස්තියානි සභාව ආරම්භ කළේ යෙසුස් නිසා අපේ සංවිධානය ආරම්භ කළේ ඔහු කියලා අපි පිළිගන්නවා.—කොලොස්සි 1:18-20.