Skip to content

පටුනට යන්න

ඉන්දුනීසියාව

නිර්භීත පුරෝගාමියෙක්

ආන්ඩ්‍රේ ඉලයාස්

නිර්භීත පුරෝගාමියෙක්
  • ඉපදුණේ 1915

  • බව්තීස්ම වුණේ 1940

  • තොරතුරු පීඩා හා තර්ජන හමුවේ විශ්වාසවන්තව සේවය කළ නිර්භීත පුරෝගාමියෙක්.

දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී සහෝදර ඉලයාස්ව හා ඔහුගේ බිරිඳව සුකාභූමිවල තිබුණු ජපන් හමුදා මූලස්ථානයට ගෙන්නලා ප්‍රශ්න කළා. ඔවුන් මුලින්ම ප්‍රශ්න කළේ සහෝදර ඉලයාස්ගෙන්. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කාටද? ඔයාලා ජපන් රජයට විරුද්ධව වැඩ කරනවා නේද? ඔයා මෙහෙ ආවේ ඔත්තු බලන්න නේද” කියලා ඔවුන් එක පිට එක ප්‍රශ්න ඇහුවා.

“අපි දෙවිගේ සේවකයෝ. අපි කාටවත් වරදක් කරලා නැහැ” කියලා සහෝදර ඉලයාස් කිව්වා. එතකොටම හමුදා නිලධාරියා බිත්තියේ එල්ලලා තිබුණු කඩුවක් ඇදලා අපි ඉස්සරහට දික් කළා.

“මම උඹව දැන්මම මරලා දානවා. මොකද කියන්නේ” කියලා ඔහු තරහින් කිව්වා. සහෝදර ඉලයාස් මේසය උඩ ඔළුව තියලා නිහඬව යාච්ඤා කළා. ටික වෙලාවකට පස්සේ හමුදා නිලධාරියා හයියෙන් හිනා වෙලා මෙහෙම කිව්වා. “උඹ හරිම නිර්භීතයි.” ඊටපස්සේ ඔහු සහෝදර ඉලයාස්ව නිදහස් කරලා සහෝදරි ඉලයාස්ගෙන් ප්‍රශ්න කළා. ඒ දෙන්නම කිව්වේ එකම දේවල් නිසා නිලධාරියා “උඹලා ඔත්තුකාරයෝ නෙමෙයි. මෙතනින් පිට වෙලා යනවා” කියලා කෑගැහුවා.

ටික කාලෙකට පස්සේ, ‘සහෝදරයෙක් විදිහට බොරුවට මවා පෑව’ කෙනෙක් සහෝදර ඉලයාස්ව පාවා දුන්න නිසා ඔහුව සිරභාරයට ගත්තා. (2 කොරි. 11:26) මාස ගාණක් යන කල් ඔහු කෑවේ හිරගෙදර කානුවේ වැටිලා තිබුණු කෑම. ඒත් ඔහුට දෙවි ගැන තිබුණු විශ්වාසය නැති කරන්න නම් නිලධාරීන්ට පුළුවන් වුණේ නැහැ. සහෝදරි ඉලයාස් ඔහුව බලන්න ගිය වෙලාවක ඔහු මෙහෙම කිව්වා. “ඔයා බය වෙන්න එපා. මාව නිදහස් කළත් නැතත් මම යෙහෝවා දෙවිට විරුද්ධ වෙන්නේ නෑ. කූඩුව ඇතුළේ මළත් මං යෙහෝවා දෙවිට ද්‍රෝහිවෙන්නේ නැහැ.”

මාස හයකට පස්සේ සහෝදර ඉලයාස්ව ජකාර්තා අධිකරණයට ඉදිරිපත් කළා. එතනින් ඔහුට නිදහස ලැබුණා.

ඊට අවුරුදු 30කට විතර පස්සේ ඉන්දුනීසියාවේ රජය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු ආයෙත් තහනම් කළා. ඒ දවස්වලම වගේ උතුරු සුලවෙසිවල මනැඩෝ දිස්ත්‍රික්කයේ හිටපු නීතිඥවරයෙක් සහෝදර ඉලයාස්ව ගෙන්වලා ප්‍රශ්න කළා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා කියලා ඔයා දන්නවාද” කියලා ඔහු ඇහුවා.

“ඔව් මං දන්නවා කියලා” සහෝදර ඉලයාස් උත්තර දුන්නා.

“ඔයාගේ ආගම වෙනස් කරන්න ඔයා දැන් කැමතිද” කියලා නීතිඥවරයා ඇහුවා.

සහෝදර ඉලයාස් ටිකක් ඉස්සරහාට නැමිලා එයාගේ පපුවට ගසාගනිමින් උස් හඬින් මෙහෙම කිව්වා. “ඔයාට පුළුවන් මගේ හදවත කපලා එළියට ගන්න. ඒත් ඔයාට කවදාවත් මගේ ආගම නම් වෙනස් කරන්න බැහැ.”

සහෝදර ඉලයාස්ට යන්න දීපු නීතිඥවරයා ආයේ කවදාවත් ඔහුගේ වැඩවලට බාධා කළේ නැහැ.

අවුරුදු 60ක් උද්‍යෝගයෙන් පුරෝගාමි සේවය කරපු සහෝදර ඉලයාස් 2000දී මිය ගියා. එතකොට ඔහුගේ වයස අවුරුදු 85යි.