මාක් 7:1-37

7  යෙරුසලමේ සිට ආ පරිසිවරු සහ නීතිය පිටපත් කරන්නන්ගෙන් සමහරෙක් දිනක් ඔහු ළඟට පැමිණියෝය.+  එවිට ඔහුගේ ගෝලයන් කිහිපදෙනෙකු අත් සෝදන්නේ නැතුව අපවිත්‍ර අත්වලින් කෑම කන ආකාරය ඔවුහු දුටුවෝය.+ . . .  සියලු යුදෙව්වරුන්, විශේෂයෙන්ම පරිසිවරුන් පුරුදු වී සිටියේ පුරාණයේ සිටි මිනිසුන් ඇති කරගත් සම්ප්‍රදායන්ට ඇලී සිටීමටයි. එහෙයින් ඔවුහු කෑමට පෙර තම අත් වැලමිට දක්වා අනිවාර්යයෙන්ම සේදුවෝය.  මීට අමතරව ඔවුහු වෙළඳපොළේ සිට පැමිණෙන අවස්ථාවලදී කෑමට පෙර තමන්ගේ ඇඟට වතුර ඉසගත්තෝය. ඔවුහු තවත් බොහෝ සම්ප්‍රදායන්+ අනුගමනය කළෝය. ඒ අතර කුසලානද ජෝගුද තඹ භාජනද දියෙහි ගිල්වා පවිත්‍ර කිරීම සඳහන් කළ හැකිය.+ . . .  එහෙයින් එම පරිසිවරු සහ නීතිය පිටපත් කරන්නෝ යේසුස්ගෙන් මෙසේ ඇසූහ. “ඔබේ ගෝලයන් පුරාණයේ සිටි මිනිසුන් ඇති කරගත් සම්ප්‍රදායන්ට ගරු කරන්නේ නැතුව අපවිත්‍ර අත්වලින් කෑම කන්නේ ඇයි?”+  එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ සැමගේ කුහකකම මොන තරම්ද! යෙසායා ඔබ ගැන පළ කළ අනාවැකිය ඔබට හොඳින්ම ගැළපෙනවා. එහි ලියා තිබෙන්නේ මෙයයි.+ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා වෙතින් බොහෝ ඈත්ව තිබේ.+  ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන් ඇති කරගත් ආඥා පමණයි.’+  එහෙයින් ඔබත් දෙවිගේ ආඥාවන් අත්හැර මිනිසුන්ගේ සම්ප්‍රදායන්වලට ඇලී සිටිනවා.”+  ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “ඔබේ සම්ප්‍රදායන් කෙසේ හෝ ආරක්ෂා කරන්න ඔබ ඉතා කපටි විදිහට දෙවිගේ ආඥාවන් පසෙක දමනවා.+ 10  උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’+ සහ ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’+ යන ආඥා ගැන මෝසෙස් පැවසුවා. 11  නමුත් ඔබ මොනවාද කියන්නේ? ‘යමෙක් තම පියාට හෝ මවට, “මම ඔබේ ප්‍රයෝජනයට දෙන්න තිබුණු දේවල් ‘කොර්බාන්’ කළා,+ (එනම් දෙවිට කැප කළා)”+ කියා කිව්වොත් ඔහු නිදහස්’ කියා පවසමින්, . . . 12  තම පියා හෝ මව වෙනුවෙන් කිසිම දෙයක් තවදුරටත් නොකර සිටින්න ඔබ ඔහුට ඉඩ දෙනවා.+ 13  එවැනි තවත් බොහෝ දේවල් කරමින්+ ඔබේ සම්ප්‍රදායන් රැකගැනීමට ඔබ දෙවිගේ වචනය+ අවලංගු කරනවා. 14  ඉන්පසු ඔහු නැවතත් සමූහයාව තමන් ළඟට කැඳවා, ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ සැමෝම මට සවන් දී මා කියන දෙයෙහි නියම අර්ථය තේරුම්ගන්න උත්සාහ කරන්න.+ 15  මිනිසෙකු අපවිත්‍ර වන්නේ ඔහු කන බොන දේවලින් නොවෙයි. නමුත් මිනිසෙකු අපවිත්‍ර වන්නේ ඔහු තුළින්ම නික්මෙන දෙයිනුයි.”+ 16  —— 17  ඔහු සමූහයාගෙන් වෙන් වී නිවසකට ඇතුල් වූ විට ඔහුගේ ගෝලයෝ ඔහු පැවසූ එම උපමාව ගැන ඔහුගෙන් ඇසූහ.+ 18  ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔවුන්ට මෙන් ඔබටත් එය වැටහෙන්නේ නැද්ද?+ කන බොන දේවලින් මිනිසෙකු අපවිත්‍ර වන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද? 19  මන්ද එය කටින් ඇතුල් වූ විට එය එම තැනැත්තාගේ සිත තුළට නොව ඔහුගේ බඩට ගිය පසු ඔහු වැසිකිළියට ගොස් ඒවා බැහැර කර දමයි.”+ එසේ කීමෙන් සියලු ආහාර පවිත්‍ර බව ඔහු පෙන්වා දුන්නේය.+ 20  ඔහු මෙසේද පැවසුවේය. “මිනිසෙකු අපවිත්‍ර වන්නේ ඔහුගේ ඇතුළාන්තයෙන් නික්මෙන දේවල්වලිනුයි.+ 21  මන්ද ඇතුළාන්තයෙන් එනම්, මිනිසුන්ගේ සිතින්+ හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම,*+ සොරකම, මිනී මැරීම,+ 22  අනාචාරය,* තණ්හාව,+ දුෂ්ට ක්‍රියා, වංචාව, නින්දිත හැසිරීම,+ ඊර්ෂ්‍යාවෙන් බැලීම, අපහාස කිරීම, උඩඟුකම, තම මතයේ එල්බගෙන සිටීම යනාදි සියල්ල නික්මෙන්නේ සිතිනුයි. 23  ඒ දුෂ්ට දේවල් සියල්ල නික්මෙන්නේ ඇතුළාන්තයෙනුයි. මිනිසෙකු අපවිත්‍ර වන්නේ ඒ දේවලිනුයි.”+ 24  ඔහු එතැනින් පිටත් වී තීර් සහ සීදොන්+ යන ප්‍රදේශවලට අයත් පළාත්වලට ගොස් නිවසකට ඇතුල් විය. කිසිවෙකු ඒ බව දැනගන්නවාට ඔහු අකමැති වුවත් මිනිසුන්ගේ අවධානයට ලක් නොවී සිටීමට ඔහුට නොහැකි විය.+ 25  භූතයෙකු වැහී සිටි පුංචි දුවක් සිටින ස්ත්‍රියකට ඔහු ගැන ආරංචි වූ නිසා ඇය ඒ මොහොතේදීම ඔහු ළඟට ඇවිත් ඔහුගේ පාමුල දණින් වැටුණාය.+ 26  ඇය සිරොෆිනීෂියානු ජාතියට අයත් ග්‍රීක පුරවැසියෙකි. ඇගේ දුවගෙන් භූතයාව දුරු කරන මෙන් ඇය ඔහුගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියාය.+ 27  නමුත් ඔහු ඇයට මෙසේ කීවේය. “මුලින්ම තෘප්තිමත් කළ යුත්තේ දරුවන්වයි. දරුවන්ගේ රොටි+ රැගෙන බලු පැටවුන්ට දැමීම+ සුදුසු නැහැ.” 28  නමුත් ඇය මෙසේ පිළිතුරු දුන්නාය. “ඇත්තයි මහත්මයාණෙනි. ඒත් මේසය යට ඉන්න බලු පැටව් පොඩි දරුවන්ගේ කෑමවලින්+ ඉතුරු වූ දේවල්+ කනවා නේද?” 29  එවිට ඔහු, “ඔබ පැවසූ ඒ දේ නිසා භූතයා ඔබේ දුවගෙන් පිට වෙලා. එමනිසා දැන් ඔබට යන්න පුළුවන්” කියා ඇයට කීවේය.+ 30  ඇය තම නිවසට ගිය විට ඇඳේ හාන්සි වී සිටි ඇගේ දැරියගෙන් භූතයා පිට වී ඇති බව ඇය තේරුම්ගත්තාය.+ 31  ඉන්පසු ඔහු තීර් ප්‍රදේශයට අයත් පළාත්වලින් පිටත් වී ආපසු සීදොන් දේශය හරහා ගමන් කර ගලීල මුහුද පසු කර දෙකපොලිසයට අයත් පළාත්වලට ගියේය.+ 32  එහිදී පිරිසක් බිහිරි මෙන්ම කතා කිරීමේ ආබාධයක් ඇති මිනිසෙකුව ඔහු වෙතට ගෙනාවෝය. ඒ මිනිසා පිට අත් තබා ඔහුව සුව කරන මෙන් ඔවුහු ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ.+ 33  ඔහු ඒ මිනිසාව රැස්ව සිටි සමූහයාගෙන් මදක් ඈතට ගෙන ගොස් ඔහුගේ කන්වලට තමන්ගේ ඇඟිලි දැමුවේය. ඉන්පසු ඔහු තම ඇඟිල්ලකට කෙළ ගසා ඒ මිනිසාගේ දිව ස්පර්ශ කළේය.+ 34  ඔහු අහස දෙස බලමින්+ මහත් සුසුමක් හෙළා,+ “එෆ්ෆාතා” එනම්, “ඇරෙන්න” කියා ඔහුට කීවේය. 35  එවිට ඔහුගේ සවන් දීමේ හා කතා කිරීමේ ආබාධය සුව වී,+ ඔහු පැහැදිලිව කතා කරන්න පටන්ගත්තේය. 36  යේසුස් සිදු වූ දේ කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අවවාද කළේය.+ නමුත් යේසුස් කොතරම් අවවාද කළත් ඔවුහු එය නොතකා සිදු වූ දේ ගැන සෑම කෙනෙකුටම කිව්වෝය.+ 37  සියලුදෙනා අතිශයින් පුදුම වී,+ “ඔහු බිහිරි අයට ඇසෙන්නත් ගොළු අයට කතා කරන්නත් සලස්වනවා. ඔහු කරන්නේ මොන තරම් හොඳ සේවයක්ද” කියා කීවෝය.+

පාදසටහන්

එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.
මූ.අ., “පරදාර සේවනය.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.