Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

පස් යට සැඟවෙන වාර රැහැයියා

පස් යට සැඟවෙන වාර රැහැයියා

ඇන්ටාක්ටිකාවේ හැර අනිත් හැම මහාද්වීපයකම රැහැයියන් ඉන්නවා. උන්ගේ පෙනුම හරියට පළගැටියන් වගෙයි. උන් අතරින් ඇමරිකාවේ ඊසානදිග ප්‍රදේශයට ආවේණික වාර රැහැයියන් හරිම විශේෂයි.

මේ ගැන හිතන්න: මේ වාර රැහැයියෝ වසන්ත කාලේට මිලියන ගණන් රංචු පිටින් හිටි හැටියේම මතු වෙලා සති කිහිපයකින් මැරිලා යනවා. ඒ කාලේදී තමයි උන් හැව අරින්නේ. ඒ කාලෙට මහ හයියෙන් සද්ද කරන, එහෙ මෙහෙ පියාඹන උන් කල් ගෙවන්නේ පුදුම සතුටකින්. ගැහැනු සතුන් බිත්තර දාන්නෙත් මේ කාලේදීම තමයි. ඊටපස්සෙ උන් මැරිලා යනවා. ඊළඟ පරම්පරාව මතු වෙන්න හරියටම අවුරුදු 13ක් නැත්නම් 17ක් ගත වෙනවා. ඒක තීරණය වෙන්නේ උන්ගේ වර්ගය අනුවයි. ඒ කාලය අතරතුරේදී උන්ට මොකද වෙන්නේ?

ඒක තේරුම්ගන්න, වාර රැහැයියන්ගේ ජීවන රටාව ගැන හොයලා බලමු. හදිස්සියේම මතු වෙන උන් සංසර්ගයේ යෙදුණාට පස්සේ ගැහැණු සතුන් අතු රිකිලි අතර බිත්තර 400ත් 600ත් අතර ප්‍රමාණයක් දානවා. ඊටපස්සේ උන් මිය යනවා. සති කීපයකට පස්සේ බිත්තරවලින් පිලවෙක් එළියට ඇවිත් අතුවලින් බිමට වැටිලා පස් අතරේ හැංගෙනවා. අවුරුදු 13ක් නැත්නම් 17ක් යන කල්ම උන් පෝෂණය වෙන්නේ ගස්වල මුල්වලින්. ඊටපස්සේ හිටි ගමන්ම උන් පොළොවෙන් මතු වෙනවා. ඒ තමයි උන්ගේ අලුත් පරම්පරාව.

එක සඟරාවක කියන විදිහට මේ සතාගේ අමුතු ජීවිත රටාව ගැන “ජීව විද්‍යාඥයන්ට ශතවර්ෂ ගාණක් යන කල්ම තේරුම්ගන්න බැරි වුණා. වාර රැහැයියන් පරිණාමය වුණා කියලා විශ්වාස කරන කෘමි විශේෂඥයන්ට උන්ගේ ජීවන රටාව සිදු වෙන්නේ කොහොමද කියලා අදටත් විස්තර කරන්න බැහැ.” (Nature magazine) සත්ව ලෝකයේ වෙන කිසිම සතෙක්ට මේ තරම් අභිරහස් ජීවිත රටාවක් නැහැ.

ඔයාගේ නිගමනය මොකක්ද? වාර රැහැයියන්ට ඒ අභිරහස් ජීවිත රටාව ලැබිලා තියෙන්නේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි උන්ව නිර්මාණය කළ නිසාද?