Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

එක්සත් ජනපදය

වර්ෂ 2012 ඔක්තෝබර් 29වෙනි දායින් පටන්ගත් සතියේ දින පහක් තුළ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වූ මිනි මැරුම්, දරුණු අපරාධ සහ සොරකම් ප්‍රමාණය 2011 එම කාලයේදී වාර්තා වූ ප්‍රමාණයට වඩා කැපී පෙනෙන ලෙස අඩු වෙලා. හේතුව මොකක්ද? මුළු ප්‍රදේශයේම විදුලි බලය ඇණ හිටවමින් නැඟෙනහිර වෙරළ තීරය හරහා හමා ගිය සැන්ඩි චණ්ඩ මාරුතයයි. “ස්වාභාවික විපතක් හරි ලොකු විනාශයක් හරි [2011 සැප්තැම්බර් 11 වෙනිදා සිදු වූ ත්‍රස්තවාදි ප්‍රහාරය] වුණාට පස්සෙ සාමාන්‍යයෙන් අපරාධ සෑහෙන දුරට අඩු වෙනවා” කියලා නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ පෝල් බ්‍රවුන් කිව්වා. ඒත් බඩු මුට්ටු සොරාගැනීම් නම් වාර්තා වුණා. “ඒකට හේතුව ගොඩක් පැතිවල විදුලිය තිබුන්නැති නිසා” කියලා ඔහු තවදුරටත් කිව්වා.

ඇන්ටාක්ටිකාව

ආගන්තුක පැළෑටි නිසා ඇන්ටාක්ටිකාවේ ස්වාභාවික පරිසරයට හානියක් වෙයි කියලා විද්‍යාඥයන් ඉන්නෙ භයෙන්. මේ ආගන්තුක පැළෑටි ඈත බටහිර අර්ධද්වීපයෙන් පවා සොයාගෙන තියෙනවා. හැම වසරකම ඒ මහද්වීපෙට දසදහස් ගණනින් එන සංචාරකයන්ගේ සපත්තු හා බෑග්වල ඇලිලා එන බීජ වර්ග නිසයි එහෙම වෙලා තියෙන්නෙ. එක් සංචාරකයෙක් මේ විදිහට සාමාන්‍යයෙන් බීජ වර්ග 9.5ක් පමණ ගෙන එනවා කියලා ගණන් බලා තියෙනවා.

ජර්මනිය

මුල්ම කෘත්‍රිම ටයිටේනියම් ලෝහ හකුව බද්ධ කළේ 83 හැවිරිදි කාන්තාවකට. ඒ හකුව තැනුවේ 3D ලේසර් ප්‍රින්ටරයක් ආධාරයෙන්, ටයිටේනියම් අංශු තට්ටුවක් උඩ තට්ටුවක් හිටින විදිහට තබමින්. ආසාදනයක් නිසා දිරා ගොස් තිබූ හකුව වෙනුවට අලුත් හකුව බද්ධ කළාට පස්සෙ කන්න, හුස්ම ගන්න, සාමාන්‍ය විදිහට කතා කරන්න ඇයට පුළුවන් වුණා.

ජර්මනිය

ජර්මනියේ රැකියා ස්ථානවල දුම්බීම තහනම් කරලා අවුරුද්දකට පස්සෙ හොයාගත්තෙ රෝහල්වලට එන ඇන්ජයිනා රෝගීන් සියයට 13.3කින් සහ හෘදයාබාධ රෝගීන් සියයට 8.6කින් අඩු වෙලා කියලයි.