Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන් | කනගාටුදායක සිදුවීම්වලට මුහුණ දෙන්නේ කොහොමද?

ආදරේ කරන කෙනෙක් මිය ගියොත් . . .

ආදරේ කරන කෙනෙක් මිය ගියොත් . . .

බ්‍රසීලයේ ජීවත් වන රොනාල්ඩෝ රිය අනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරින් ඔහුගේ මව, පියා ඇතුළු පවුලේ පස්දෙනෙක් මිය ගියා. ඒ ගැන රොනාල්ඩෝ කිව්වේ මෙහෙමයි. “මාස 2ක් රෝහලේ හිටියාට පස්සෙයි මට දැනගන්න ලැබුණේ එයාලා මැරුණා කියලා.

“මට ඒක විශ්වාස කරන්න බැරුව ගියා. ඇයි මම විතරක් ඉතුරු වුණේ? මාත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා මට හිතුණා. මම මාස ගාණක් ඇඬුවා. එදා මම කාර් එක එලෙව්වා නම් මෙහෙම වෙන්නේ නැහැනෙ කියලා මගේ හිත වධ දුන්නා.

“ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු 16ක් ගත වෙලා. දැන් මම සාමාන්‍ය විදිහට වැඩකටයුතු කරගෙන යනවා. ඒත් එයාලගේ මරණය නිසා ඇති වුණ පාළුව, තනිකම තාමත් මට දැනෙනවා.”

දරාගන්නේ කොහොමද?

දුක හංගගෙන ඉන්න එපා. බයිබලයෙත් කියන්නේ “අඬන්න කාලයක්” තියෙනවා කියලයි. (දේශනාකාරයා 3:1, 4) රොනාල්ඩෝ මෙහෙම කියනවා. “මට අඬන්න හිතෙන හැම වෙලාවකම මම ඇඬුවා. ඊටපස්සේ මට දැනුණේ ලොකු සහනයක්.” හැමෝම දුක් වෙන්නේ එකම විදිහට නෙමෙයි. අනිත් අයට පේන්න අඬන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නෙ නැහැ ඔබට දුක දැනෙන්නේ නැහැ කියලා.

තනි වෙන්න එපා. (හිතෝපදේශ 18:1) “මට තනිවෙන්න හිතුණත් මම පුළුවන් තරම් උත්සාහ කළා තනි වෙලා ඉන්නෙ නැතුව අනිත් අයව ආශ්‍රය කරන්න. මම කැමති වුණා අනිත් අය මාව බලන්න එනවාට. මගේ දුක මං බිරිඳටයි යාළුවන්ටයි කිව්වා.”

කෙනෙක් හිත රිදෙන දෙයක් කිව්වත් ඉවසන්න. “ඒක වුණේ හොඳටයි” වගේ දේවල් සමහර අය කියන්න ඉඩ තියෙනවා. ඒ ගැන රොනාල්ඩෝ මෙහෙම කියනවා. “සමහර අය මාව සනසන්න කියලා කියපු දේවල්වලින් ඇත්තටම වුණේ මගේ හිත තවත් රිදුණ එක විතරයි.” ඒ වගේ දේවල් ගැන හිතන්නේ නැතුව බයිබලයේ සඳහන් මේ උපදෙස පිළිපදින්න. “මිනිසුන් කියන සෑම දෙයක්ම සිතට නොගන්න.”දේශනාකාරයා 7:21.

මැරුණු අයගේ තත්වය ගැන දැනගන්න. රොනාල්ඩෝ මෙහෙම කිව්වා. “මැරුණු අය දුක් විඳින්නේ නැහැ කියලා බයිබලයේ දේශනාකාරයා 9:5 කියනවා. ඒක දැනගෙන හිටපු එක මට සහනයක් වුණා. මැරුණු අයව නැවත නැඟිට්ටවනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා මං හිතාගෙන ඉන්නේ මගේ පවුලේ අය දුර ගමනක් ගිහින් කියලයි.”ක්‍රියා 24:15.

ඔබ දන්නවාද? ‘මරණය සදහටම ගිල දමනවා’ කියා දෙවියන් දී තියෙන පොරොන්දුව ගැන බයිබලයේ සඳහන් වෙනවා. *යෙසායා 25:8.

^ 11 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 7වෙනි පරිච්ඡේදය බලන්න.