Skip to content

පටුනට යන්න

විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද?

විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද?

ආගම්වල සිද්ධ වෙන දේවල් නිසා ඔයා ඉන්නේ කලකිරිලා නම් කිසිම ආගමක් විශ්වාස කරන්න බැහැ කියලා හිතෙනවා ඇති. ඒත් විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවා. යේසුස් මේ පොළොවේ ඉද්දී විශ්වාසවන්ත පිරිසක් තෝරගෙන ඒ අයට දෙවිගේ ප්‍රතිපත්ති කියලා දීලා ඒ අනුව ජීවත් වෙන විදිහ පෙන්නලා දුන්නා. එදා මෙන් අදත් යේසුස්ගේ ඉගැන්වීම් අදාළ කරගන්න මහත් උත්සාහයක් දරන පිරිසක් ඉන්නවා. ඒ අය කවුද?

කලින් සඳහන් කළ ස්ටෙලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වුණාට පස්සේ බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න මට පුළුවන් වුණා. යොහන් 8:32 කියන්නේ ‘ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා’ කියලයි. ඒක කොච්චර ඇත්තද කියලා මං අද්දැක්කා.”

රේ කිව්වේ මෙහෙමයි. “සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරද්දී මං දැනගත්තා මිනිස්සු විඳින දුක් වේදනාවලට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි කියලා. හොඳ හේතුවක් නිසා දෙවියන් දුක් වේදනා පවතින්න ඉඩහැරලා තිබුණට ළඟදීම ඒවා නැති කරන්න ඔහු පොරොන්දු වෙලා තියෙනවා. ඒකෙන් මට ලොකු සහනයක් දැනුණා.”

ප්‍රතිපත්ති බාල කරන සමාජයක හරි දේ කිරීම ලේසි නැහැ. ඒත් බයිබලේ තියෙන ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා ජීවිතේට අදාළ කරගන්න කැමති හුඟදෙනෙක් මේ ලෝකෙ ඉන්නවා. ඒ නිසයි සාක්ෂිකරුවන් බයිබලේ තියෙන දේවල් මිනිසුන්ට උගන්නන්නේ. හැම සතියකම මිලියන ගණනක්දෙනා බයිබලේ ගැන නිවැරදි අවබෝධයක් ලබාගනිමින් දෙවි පියාණන්ට තව තවත් කිට්ටු වෙනවා. එයාලා ගත කරන්නේ තෘප්තිමත් ජීවිතයක්. *

එයාලගේ ආගම ගැන එච්චර විශ්වාසයක් තියෙන්නේ ඇයි කියලා සාක්ෂිකරුවන්ගෙන් අහන්න

ඊළඟ සැරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණම එයාලගේ ආගම ගැන එයාලට එච්චර විශ්වාසයක් තියෙන්නේ ඇයි කියලා අහන්න. එයාලගේ ඉගැන්වීම් ගැන හා එයාලා මොන වගේ පිරිසක්ද කියලා ටිකක් හොයලා බලන්න. විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද නැද්ද කියලා ඊටපස්සේ තීරණය කරන්න.

^ 5 ඡේ. වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.