Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

දේවරාජ්‍යය ඒවා කියලා යාච්ඤා කරන්න ඕන ඇයි?

දේවරාජ්‍යය ගැනත් ඒකෙන් ඉටු කරන දේ ගැනත් තව දැනගන්න ඔබ කැමතිද?

දේවරාජ්‍යය කියන්නේ ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක්. පොළොවේ තියෙන හැම දුෂ්ටකමක්ම අයින් කරලා සාමය ගේන්න පුළුවන් ඒ ආණ්ඩුවට විතරයි. දේවරාජ්‍යය ඉල්ලලා යාච්ඤා කරන්න කියලා යේසුස් ගෝලයන්ට කිව්වේ ඒ නිසයි. ඒ රාජ්‍යය මගින් දුෂ්ටකම්, අයුක්තිය හා අසනීප තුරන් කරනවා. කිසිම මිනිස් ආණ්ඩුවකට ඒක කරන්න බැහැ. යෙහෝවා දෙවියන් දේවරාජ්‍යයේ රජු හැටියට පත් කරලා තියෙන්නේ යේසුස්වයි. යේසුස්ගේ හවුල් පාලකයන් වෙන්න ඔහුගේ අනුගාමිකයන්ගෙන් කීපදෙනෙක්ව දෙවියන් තෝරගෙන තියෙනවා.—ලූක් 11:2; 22:28-30 කියවන්න.

දේවරාජ්‍යයේ පාලනයට විරුද්ධ වෙන අයව දෙවියන් ඉවත් කරනවා. දේවරාජ්‍යය ඒවා කියලා ඉල්ලන එකෙන් කරන්නේ මිනිස් ආණ්ඩු වෙනුවට දේවආණ්ඩුව පිහිටුවන්න කියලා කියන එකයි.—දානියෙල් 7:13, 14; එළිදරව් 11:15, 18 කියවන්න.

දේවරාජ්‍යය මිනිසුන්ට සහනයක් වෙන්නේ ඇයි?

යේසුස් දයානුකම්පාවෙන් පිරුණු රජ කෙනෙක්. දෙවියන්ගේ උපකාරය ඉල්ලන හැමෝටම උපකාර කරන්න ඔහුගේ පුත්‍රයා වන යේසුස්ට බලය තියෙනවා.—ගීතාවලිය 72:8, 12-14 කියවන්න.

දේවරාජ්‍යය ඉල්ලලා මුළු හිතින්ම යාච්ඤා කරන අයට වගේම දෙවියන්ට කීකරු වෙන අයටත් දේවරාජ්‍යයේ ආශීර්වාද භුක්ති විඳින්න ලැබෙනවා. දේවරාජ්‍යය ගැන බයිබලයේ කියන දේ දැනගන්න එක නිෂ්ඵල දෙයක් වෙන්නේ නැහැ.—ලූක් 18:16, 17; යොහන් 4:23 කියවන්න.