Skip to content

දික්කසාද වෙන්න බයිබලයේ අවසර දීලා තියෙනවද?

දික්කසාද වෙන්න බයිබලයේ අවසර දීලා තියෙනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. නමුත් දික්කසාද වෙන්න පුළුවන් එක හේතුවක් නිසා විතරයි කියලා යේසුස් කිව්වා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙන බවයි.”—මතෙව් 19:9.

 සුළු සුළු හේතු නිසා හරි නැවත විවාහ වීමේ යටි අරමුණ ඇතුව හරි කෙනෙක් දික්කසාද වෙනවා නම් දෙවි ඒක හෙළා දකිනවා. ඒ වගේ දික්කසාද වෙන අයට දෙවිට ගණන් දෙන්න වෙනවා.—මලාකි 2:13-16; මාක් 10:9.