Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

ආක්ටික්

“මීට අවුරුදු 30කට කලින් ගිම්හාන ඍතුවේදී තිබූ අයිස් ප්‍රමාණයෙන් කාලක් වගේ තමයි දැන් තියෙන්නේ” කියලා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සාගර විශේෂඥයෙක් වන පීටර් වැඩම්ස් පැවසුවා. වර්ෂ 2012දී ආක්ටික් සාගරය හරහා නැව් 50කට පමණ යාත්‍රා කරන්න පුළුවන් වුණේ ඒ නිසයි. මේකට හේතුව ගෝලීය උණුසුම.

ලොව වටා

දරු ප්‍රසූතියෙන් පසු මුල් දින කිහිපයේදී මව්කිරිවල බැක්ටීරියා වර්ග 700කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව සොයාගෙන තිබෙනවා. එය විශේෂඥයන් සිතුවාටත් වඩා වැඩියි. මේ බැක්ටීරියා බිලිඳාගේ ජීර්ණ හා ප්‍රතිශක්තිකරණ පද්ධතිවලට කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා තවම අධ්‍යයනය කරනවා.

බ්‍රිතාන්‍යය

සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු රියදුරෙක් අනතුරකදී ක්‍රියාත්මක වීමට ගන්නා කාලය මත්පැන් පානය කළ රියදුරෙකුට වඩා අඩු බව බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

කොංගෝ ජනරජය

ඇත්දළ සොරාගැනීම සඳහා ඇතුන් දහස් ගණනක් හැම අවුරුද්දකම ඝාතනය කරනවා. අප්‍රිකානු මහද්වීපයේ මෙවැනි දෙයක් මීට පෙර සිදු වෙලා නැහැ. සමහර ඇතුන් මැරිලා හිටියේ ඔළුවට වෙඩි වැදිලා. පෙනෙන විදිහට වෙඩි තබා තිබෙන්නේ හෙලිකොප්ටරවල ඉඳලයි.

ඕස්ට්‍රේලියාව

පසුගිය අවුරුදු 27 පුරා මහා බාධක කොරල් පරයේ ඇති කොරල් සුදු පාට වෙලා. විද්‍යාඥයන් කියන්නේ නිවර්තන සුළිසුළං, කොරල් පර කන තාරකා මාළු වර්ගයක [crown-of-thorns starfish] අධික ගහනය සහ සාගර උෂ්ණත්වය ඉහළ යෑම මීට හේතු වී ඇති බවයි.