Skip to content

පටුනට යන්න

Thomas Jackson/Stone via Getty Images

සෝදිසියෙන් ඉන්න!

2024 බලාපොරොත්තුවක සේයාවක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

2024 බලාපොරොත්තුවක සේයාවක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 අද තියෙන ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් 2024දීවත් ලැබෙයිද? එහෙම විසඳුමක් පේන තෙක් මානෙකවත් නැහැ කියලා හුඟක් අය හිතනවා. ඒත් අනාගතය ගැන අපිට ලස්සන බලාපොරොත්තුවක් හොයාගන්න පුළුවන්. ඒ කොහෙන්ද?

බයිබලයෙන් බලාපොරොත්තුවක්

 අද අපේ ජීවිත දුකෙන් පුරවන හැම ප්‍රශ්නයකටම විසඳුමක් දෙවියන් ළඟදීම දෙනවා කියලා බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා. ඒකේ මෙහෙම කියනවා. දෙවියන් “[අපේ] ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”එළිදරව් 21:4.

දැනුත් ඔයාට උදව් කරන්න බයිබලයට පුළුවන්

 ඔයා අද්දකින ප්‍රශ්න ගැටලු නිසා බලාපොරොත්තු අත්හැරගන්නේ නැතුව ඒවාට හොඳින් මුහුණ දෙන්න අනාගතේ ගැන බයිබලයේ දීලා තියෙන බලාපොරොත්තුව ඔයාට උදව් වෙනවා. (රෝම 15:13) ඒ වගේම ඔයා ආර්ථික ප්‍රශ්න, අසාධාරණකම්, අසනීප වගේ දේවල් අද්දකිනවා නම් ඒවාට හොඳින් මුහුණ දීලා හොඳ තීරණ ගන්නත් බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඔයාට උදව් වෙනවා.

 2024 අවුරුද්ද ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් බලාපොරොත්තු පිරුණු අවුරුද්දක් කරගන්න. ඒකට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙන්නේ කොහොමද කියලා තව දැනගන්න කැමති නම් නොමිලේ පවත්වන බයිබල් සකච්ඡාවක් කරලා බලන්න. දෙවියන් දැනුත් ඔයාට “සාමයෙන් පිරුණු” ජීවිතයක් දෙන්නේ කොහොමද කියලත් ඉස්සරහට “ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්” දෙන්නේ කොහොමද කියලත් දැනගන්න.—යෙරෙමියා 29:11.