Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලයේ තියෙන දේවල් දැනගන්න කැමතිද?

හැමෝටම ප්‍රයෝජනවත් බයිබල් සාකච්ඡා

හැමෝටම ප්‍රයෝජනවත් බයිබල් සාකච්ඡා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශනා කරන අය හැටියට ප්‍රසිද්ධයි. ඒත් ඔබ දන්නවාද ඒ අය ලෝකේ පුරාම බයිබල් සාකච්ඡා වැඩසටහනක් පවත්වනවා කියලා?

2014දී රටවල් 240ක ඉන්න සාක්ෂිකරුවන් 80,00,000ක් විතර හැම මාසෙකම බයිබල් පාඩම් 95,00,000කට වඩා වැඩියෙන් පැවැත්තුවා. * රටවල් 140ක විතර ඉන්න ජනගහනයට වඩා අපිත් එක්ක බයිබලය පාඩම් කරන අයගේ ගණන වැඩියි.

බයිබල් සාකච්ඡා වැඩසටහනට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අවුරුද්දකම භාෂා 700කින් විතර බයිබල්, පොත්, සඟරා සහ බයිබලය ඉගෙනගන්න උදව් වෙන දේවල් බිලියන 1.5ක් විතර මුදාහරිනවා. ඒ නිසා හුඟක් අයට තමන්ගේම භාෂාවෙන් බයිබලය ගැන ඉගෙනගන්න පුළුවන්.

අපි පවත්වන බයිබල් සාකච්ඡා ගැන නිතර අහන ප්‍රශ්නවලට උත්තර

සාකච්ඡාව කරන්නේ කොහොමද?

විවිධ බයිබල් විෂයන් තෝරගෙන ඒවාට අදාළ බයිබල් පද ගැන සාකච්ඡා කරනවා. උදාහරණයකට “දෙවියන්” කියන විෂය ගමු. දෙවියන් කවුද? ඔහු මොන වගේ කෙනෙක්ද? ඔහුට නමක් තියෙනවාද? ඔහු ඉන්නේ කොහෙද? ඔහු එක්ක බැඳීමක් ඇති කරගන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවා. ඒත් ඒවා තියෙන තැන හොයාගන්න එක තමයි අමාරු.

උත්තර හොයාගන්න උදව් කරන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පිටු 224ක පොතක් අපි පාවිච්චි කරනවා. * ඒක සකස් කරලා තියෙන්නේ බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් තේරුම්ගන්නයි. ඒකේ දෙවියන්, යේසුස් ක්‍රිස්තුස්, දුක් වේදනා, නැවත නැඟිටීම, යාච්ඤාව වගේම තවත් හුඟක් විෂයන් ගැන කතා කරනවා.

සාකච්ඡා පවත්වන්නේ කොතනද? කොයි තරම් වෙලාවකටද?

ඔබ කැමති තැනක කැමති වෙලාවක සාකච්ඡා කරන්න පුළුවන්.

සාකච්ඡාවකට කොයි තරම් වෙලාවක් යනවාද?

ගොඩක් අය සතියකට පැයක් විතර බයිබල් සාකච්ඡාව කළත් ඒක අනිවාර්යය නැහැ. සමහරු සාකච්ඡා කරන්නේ හැම සතියෙම විනාඩි 10ක 15ක වගේ වෙලාවක්. ඔබ කැමති වෙලාවක සාකච්ඡාව කරන්න අපි කැමතියි.

බයිබල් සාකච්ඡාවලට අය කරනවාද?

සාකච්ඡා කරන්නෙත් පාවිච්චි කරන පොත් පත් දෙන්නෙත් නොමිලේ. එහෙම කරන්නේ යේසුස් ගෝලයන්ට දුන්න මේ මඟ පෙන්වීම නිසයි. ‘ඔබට ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න.’—මතෙව් 10:8.

කොයි තරම් කාලයක් සාකච්ඡා කරන්න වෙයිද?

කැමති කාලයක් සාකච්ඡාව කරන්න පුළුවන්. ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොතේ පරිච්ඡේද 19ක් තියෙනවා. ඒ හැම එකක්ම හරි කීපයක් හරි ඔබේ හැකියාවට අනුව සාකච්ඡා කරන්න පුළුවන්.

මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න සිද්ධ වෙයිද?

නැහැ. කැමති ආගමක් තෝරගන්න කාටත් නිදහස තියෙනවා. ඒත් බයිබලයේ තියෙන දේවල් ගැන මූලික දැනුමක් ලබාගත්තාට පස්සේ දැනුම් තේරුම් ඇතුව තීරණයක් ගන්න ඔබට පුළුවන් වෙයි.

මම වැඩි විස්තර දැනගන්නේ කොහොමද?

jw.org වෙබ් අඩවියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් හා වැඩකටයුතු ගැන නිවැරදි තොරතුරු තියෙනවා.

බයිබල් සාකච්ඡාවක් ඉල්ලන්න මට පුළුවන් කොහොමද?

  • www.dan124.com/si වෙබ් අඩවියේ තියෙන පෝරමය පුරවලා එවන්න.

  •  
  • දුරකථන නාමාවලිය බලලා “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව” අමතන්න.

^ 4 ඡේ. සාකච්ඡාවලට එක් කෙනෙක්ට හරි කීපදෙනෙක්ට හරි සහභාගි වෙන්න පුළුවන්.

^ 9 ඡේ. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. මේ පොත භාෂා 260කට හා පිටපත් මිලියන 230කට වඩා වැඩියෙන් මුද්‍රණය කරලා තියෙනවා.