Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?

කියවලා රස විඳින්න නම් . . .

කියවලා රස විඳින්න නම් . . .

බයිබලය කියවන එක කම්මැළි වැඩක් වෙයි කියලා ඔයාට හිතෙනවාද? ඔයාට එහෙම හිතෙනවා නම් බයිබල් කියවීම ආසාවෙන් සහ උනන්දුවෙන් කරන්න පහත තියෙන යෝජනා ඔයාට උදව් වෙයි.

තේරුම්ගන්න පහසු, නිවැරදි පරිවර්තනයක් තෝරාගන්න. හද්ද පරණ වචන තියෙන පොතක් ඔයාට හම්බ වුණොත් ඒක කියවනවා තියා ඒක දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ නේද? බයිබලයත් එහෙම පොතක් කියලා ඔයා හිතනවා ඇති. එහෙමනම් කියවන දේ ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් බයිබල් පරිවර්තනයක් තෝරාගන්න. ඒක නිවැරදිව පරිවර්තනය කරපු එකක්ද කියලත් හොයලා බලන්න. *

නවීන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න. මුද්‍රිත පිටපත්වලට අමතරව ඉන්ටර්නෙට් එක හරහාත් බයිබලය කියවන්න පුළුවන්. ඒකේ පිටපතක් ඔයාගේ කම්පියුටර් එකට, ටැබ් එකට, ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. යම් විෂයකට අදාළ බයිබල් පද ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ක්‍රම ඇතුළත් බයිබල් අද තියෙනවා. පරිවර්තන කිහිපයක් සංසන්දනය කරලා බලන්න පුළුවන් විදිහේ බයිබල් පවා හොයාගන්න පුළුවන්. බයිබලයේ පටිගත කිරීම්වලටත් ඔයාට සවන් දෙන්න පුළුවන්. ඒ ක්‍රමවලින් ඔයා කැමති මොන ක්‍රමයටද?

බයිබල් අධ්‍යයනය සඳහා ඇති අමතර සැපයුම් පාවිච්චි කරන්න. බයිබලය කියවද්දී එහි සඳහන් ප්‍රදේශ හඳුනාගන්න ඒ සම්බන්ධයෙන් තියෙන සිතියම් හුඟක් උදව් වෙනවා. ඒ වගේම ඒවායින් බයිබලයේ තියෙන සිද්ධීන් ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබාගන්නත් ඔයාට පුළුවන් වෙනවා. මේ සඟරාවේ තියෙන ලිපි හා සමාන තවත් ලිපිවලිනුත් jw.org/si වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” යටතේ ඇති තොරතුරුවලිනුත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගන්න ඔයාට පුළුවන්.

විවිධ ක්‍රම අත්හදා බලන්න. බයිබලයේ මුල ඉඳලා අගට කියවන්න හදන එක බැලූ බැල්මට අමාරු දෙයක් කියලා හුඟක් අයට හිතෙයි. එහෙමනම් බයිබලයේ ඔයා කැමතිම කොටසකින් කියවන්න පටන්ගන්න. යම් විෂයක් තෝරගෙන ඒ විෂයට අදාළ බයිබල් කොටස් කියවන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් බයිබලයේ තියෙන සිද්ධීන් ඒවා වෙලා තියෙන අනුපිළිවෙළටම කියවන්නත් ඔයා කැමති ඇති. බයිබල් චරිතයක් තෝරගෙන එයා ගැන තොරතුරු ඇතුළත් බයිබල් කොටස් කියවන්නත් ඔයාට පුළුවන්. ඒකට “ බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න උදව් වෙන බයිබල් චරිත” කියන කොටුව ඔයාට උදව් වෙයි. ඒ යෝජනා පාවිච්චි කරලා, බයිබලය කියවන එක රසවත් අද්දැකීමක් කරගන්න ඔයාට පුළුවන්.

^ 4 ඡේ.ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සරල, නිවැරදි පරිවර්තනයක් කියලා හුඟක් අය පිළිගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ බයිබලය භාෂා 130කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්. එහි පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න jw.org/si වෙබ් අඩවියට පිවිසෙන්න. නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් එය ලබාගන්න. සාක්ෂිකරුවන් මාර්ගයෙන් පිටපතක් නිවසටම ගෙන්වාගන්නත් පුළුවන්.